මැයි 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    "අපේ සමනලුන්ගේ තටු සවිමත් කරමු" පොලොන්නරුවට

    ඔක්තෝබර් 23, 2014
    පරිවාස හා ළමාරක්ෂක සේවා දෙපාර්තමේන්තුව මගින් ලෝක ළමා දිනයට සමගාමී ව දිවයින පුරා පවත්වනු ලබන "අපේ සමනලුන්ගේ තටු සවිමත් කරමු" මැයෙන් වු වැඩසටහන් මාලාවේ පොලොන්නරුව දිස්ත්‍රික් වැඩසටහන පසුගිය දා පොලොන්නරුව රාජකීය ජාතික පාසලේ දී පවත්වන්නට යෙදිණි.
     
    පොලොන්නරුව දිස්ත්‍රික් ලේකම් නිමල් අබේසිරි මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම දැනුවත් කිරීමේ වැඩසටහන පවත්වනු ලැබීය.
     
    ළමයෙකුගේ ජීව විද්‍යාත්මක ශාරීරික වෙනස්කම් සාමාන්‍ය බව වටහාදීම, ලිංගිකත්වය පිළිබඳ යහපත් ප්‍රවේශයකින් අවබෝධය ලබාදීම, සදාචාරාත්මක හා නෛතික අයිතියක් නොමැති ව ළමුන්ව ලිංගික ඇසුරක් ලැබීම බරපතළ තත්ත්වයක් බව අවබෝධ කරදීම, අන්තර්ජාල භාවිතය යහපත් ආකල්පයකින් යොදාගැනීමේ අවශ්‍යතාව සහ තාක්ෂණය තුළින් ලබන දියුණුව අවභාවිතය නිසා සිදුවන හානිය යන තේමා යටතේ මෙහිදී දෙමාපියන් සහ ගුරුවරු දැනුවත් කිරීම සිදු කෙරිණි.
     
    සාධු ජන සමාජයක් නිර්මාණය කිරීමට වර්තමානයේ දී දරුවන් පිළිබඳ ව මීට වඩා දෙමාපියන් මෙන් ම සමස්ත සමාජයේ ම අවධානය යොමු විය යුතු බවත් වර්තමාන සමාජයේ විශේෂයෙන් ම දෙමාපියන්ගේ නොසැලකිලිමත්කම, පියවරුන්ගේ සුරාපානය ළමුන් අනාරක්ෂිතභාවයට පත් කරන බව මෙහිදී දිස්ත්‍රික් ලේකම් නිමල් අබේසිරි මහතා පැවසීය.
     
    දිස්ත්‍රික් ළමා හිමිකම් ප්‍රවර්ධන නිලධාරී නයනා ඉන්දුමතී මහත්මියගේ සහභාගිත්වයෙන් පැවැති මෙම අවස්ථාවට අධ්‍යාපන නිලධාරීන් සහ දෙමාපියවරු රැසක් එක් ව සිටියහ.
     
    DB/WK Dmu polonnaruwa
     
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya