මැයි 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    කලාවැව ශ‍්‍රීලනිප සාමාජිකයන් දැනුවත් කිරීම අරඹයි

    ඔක්තෝබර් 23, 2014

    ඉදිරි ජනාධිපති මැතිවරණය ඉලක්ක කර ගනිමින් කලාවැව මැතිවරණ කොට්ඨාසයේ ක‍්‍රියාකාරී ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂ සාමාජිකයන් දැනුවත් කිරීම ආරම්භ කර ඇත.



    ඒ අනුව ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂ ශාඛා මට්ටමින් පැරණි කි‍්‍රයාකාරීන්ගේ නිවෙස් කරා යමින් ඉදිරි මැතිවරණය මෙහෙයවීම සහ සියලු ම පාක්‍ෂිකයන්ගේ දායකත්වය ලබා ගැනීමට කටයුතු කරන ආකාරය පිළිබඳ ව දැනුවත් කිරීමේ අරමුණෙන් උතුරු මැද පළාත් ප‍්‍රධාන අමාත්‍ය එස්.එම්. රංජිත් සමරකෝන් මහතා මේ වැඩපිළිවෙළ දියත් කර තිබේ.

     

    ජනාධිපතිවරණයේදී අනුරාධපුර දිස්ත‍්‍රික්කයේ මැතිවරණ ප‍්‍රතිඵලය අති විශිෂ්ට අයුරින් ජනාධිපතිතුමා වෙත ලබා දීම මෙහි අරමුණයි. කලාවැව මැතිවරණ කොට්ඨාසයේ රාජාංගන ප‍්‍රාදේශීය සභා බල ප‍්‍රදේශය තුළ පසුගිය ඉරිදා දිනය පුරා මේ වැඩසටහන කි‍්‍රයාත්මක කෙරිණි.

     

    මේ වැඩපිළිවෙළ දිස්ත‍්‍රික්කය පුරා දියත් කිරීම ප‍්‍රධාන අමාත්‍යවරයාගේ අරමුණයි. පාක්‍ෂිකයන්ගෙන් ඉහළ ප‍්‍රතිචාරයක් මේ සඳහා දැක්වීම පිළිබද ප‍්‍රධාන අමාත්‍යවරයා ඔවුන්ට ප‍්‍රසාදය පළ කළේය.

    NDH

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya