මැයි 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    තේරාවිල් නැවත පදිංචි කළ සිවිල් වැසියන් සඳහා මුලතිව් සෙබළුන්ගෙන් වියළි සලාක මලු

    ඔක්තෝබර් 23, 2014

    මුලතිව් ආරක්ෂක සේනා මූලස්ථානයෙහි  68 වන සේනාංකයේ  683 බලසේනාංකය යටතේ සිටින  7 වන ගජබා රෙජිමේන්තු සෙබළුන් විසින් තේරාවිල් ග්‍රාමසේවා කොට්ඨාසයෙහි වැසියන් සඳහා රුපියල් 3500ක් වටිනා වියළි සලාක මලු 135ක් පසුගියදා තේරාවිල් මධුෂානි පෙරපාසලේදී බෙදා දෙන ලදී.

     

    මෙම වැඩසටහන මුලතිව් ආරක්ෂක සේනා මූලස්ථාන ආඥාපති මේජර් ජෙනරාල් ජගත් ඩයස්ගේගේ ඉල්ලීම පරිදි Alignment Development Trance ආයතනයේ ප්‍රාදේශීය කළමනාකාර අබ්‍රහම් රාහුල්ගේ මහතාගේ පරිත්‍යාගයෙන් 68 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් ඒ. කාරියකරවනගේ අධීක්ෂණය යටතේ සිදු කෙරිණි.

    මෙම අවස්ථාව සඳහා 68 වන සේනාංකයේ සේනාංකාධිපති, 683 බල සේනාවේ බල සේනාධිපති, 7 වන ගජබා රෙජිමේන්තුවේ අණදෙන නිලධාරී,  යුද හමුදා සාමාජිකයන් සමඟින් ප්‍රදේශයේ සිවිල් වැසියන් බොහෝ පිරිසක් ද සහභාගී වූහ.


    NDH/army.lk

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya