අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ, ජාතික මැතිවරණය -2015 වෙනුවෙන් කුරුණෑගල දිස්ත්‍රික්කයේ කමිටු නියෝජිතයන් වෙනුවෙන් පැවැති දැනුවත් කිරීමේ සමුළුවකට සහභාගී වෙමිනි. දැනුවත් කිරීමේ සමුළුව කුරුණෑගල, නගර සභා ශාලාවේ දී පැවැත්විණි.
"මොන මැතිවරණය තිබුණත්, ආණ්ඩුව තිබුණත් නැතත්, කුරුණෑගල දිස්ත්‍රික්කයේ අපිට තරගයක් දෙන්න පුළුවන්. ඒ නිසා කිසි ම තර්කයක් නෑ, ඉදිරි මැතිවරණය ලංකාවේ අනෙකුත් දිස්ත්‍රික්ක හා සසඳන කොට කුරුණෑගල දිස්ත්‍රික්කයේ වැඩි ම ඡන්ද ප්‍රමාණයක් අතිගරු ජනාධිපතිතුමාට අරන් දෙන්නට අපිට ශක්තියක් තිබෙනවා".
"2005 වසරේ, මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා තරග කරන කොට ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානය පාවිච්චි කරන්නට බැරි වුණා. මේ වගේ විධිමත් වැඩපිළිවෙළක් තිබුණෙත් නෑ. කමිටු තිබුණෙත් නෑ. අපි දහ පාළොස් දෙනෙක් ගෙවල්වලට එකතුවෙලා, සාකච්ඡා කරලා ඡන්දේ ආරම්භ කළේ. අපි 2005 ජනාධිපතිවරණය කළේ එහෙමයි".
"2001 අපි පරාජයට පත් වුණා. අපිට ඒක අමාරු ඡන්දයක්. අපේ පක්ෂය උඩුකුරු යටිකුරු වුණා. ප්‍රශ්න තියෙනවා. මේ ඡන්දය නොකර අපි මුනිවත රැක්කොත්, බලයට එන්නේ රනිල් වික්‍රමසිංහ මහතා. රනිල් බලයට ආවොත් අපිට රැකී රක්ෂා, වෙන ප්‍රතිලාභ කෙසේ වෙතත්, අපට ජීවත් වෙන්න වෙන ගෙවල් හොයාගන්න වෙනවා. 2001 බලය අරගෙන කරපු විනාශය දකින්නට ඇති. ඒ නිසා මේ මැතිවරණය දිනවන්න අපි සියලු ශක්තිය යෙදවිය යුතුයි".
ඉදිරියේ මැතිවරණයක් පැමිණෙන බවත් එය නිල වශයෙන් ජනාධිපතිවරණය ලෙස ප්‍රකාශයට පත් කරනු ඇතැයි ද අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් ප්‍රකාශ කළේ ය.
DB