නොවැම්බර් 24, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    උතුරු පළාතේ දේපළ හා ඉඩම් පිළිබඳ සමීක්ෂණයක්

    ඔක්තෝබර් 23, 2014
    1980 සිට ත්‍රස්තවාදය හේතුවෙන් උතුරු පළාතේ සිය දේපළ හා ඉඩම් අහිමි වු සිංහල, දෙමළ හා මුස්ලිම් ජනතාව පිළිබඳ සමීක්ෂණයක් පැවැත්වීමට ආරක්ෂක හා නාගරික සංවර්ධන අමාත්‍යංශය පියවර ගෙන ඇත.
     
    තම දේපළ හා ඉඩම් අහිමි වූ සියලු ශ්‍රී ලාංකික පුරවැසියනට ඒ පිළිබඳ විස්තර 15/5, බාලදක්ෂ මාවත, කොළඹ 03 පිහිටි ආරක්ෂක හා නාගරික සංවර්ධන අමාත්‍යංශය වෙත යොමු කරන ලෙස ඉල්ලා සිටී. 
     
    පැමිණිලිකරුගේ නම, ලිපිනය, දූරකතන ඇමතුම් අංකය, විද්‍යුත් තැපැල් ලිපිනය, ග්‍රාම සේවා, ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය හා දිස්ත්‍රික්කය සමඟ ඉඩමේ ලිපිනය, අයිතිකරුවන්ගේ නම්, අහිමි වූ වසර, ග්‍රාම සේවා හා ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය හා අනෙකුත් සහයක ලියවිලි ඡායාපිටපත් ආදී විස්තර ද සැපයිය යුතුය.
     
    නිරවුල් කරන ලද දේපළ ඉඩම් පිළිබඳ ගැටලු පිළිබඳ පැමිණි බාරනොගන්නා බවද එම අමාත්‍යංශය සඳහන් කරයි.
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya