මැයි 13, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පළාත් පාලන ආයතනවල හිඟ ආදායම් එක්රැස් කිරීම පිළිබඳ විශේෂ අවධානයක්

    ඔක්තෝබර් 23, 2014

    පොදුරාජ්‍ය මණ්ඩලයීය පළාත් පාලන සංගමය, ශ්‍රී ලංකා පළාත් පාලන ආයතනයන්ගේ සංසදය හා පළාත් පාලන, පළාත් සභා අමාත්‍යාංශය ඒකාබද්ධව ක්‍රියාත්මක කරන ජාතික සංවර්ධනය උදෙසා පළාත් පාලනය සවිමත් කිරීම ව්‍යාපෘතිය යටතේ පළාත් පාලන ආයතනයන්ගේ ස්වයං ආදායම් වැඩිදියුණු කිරීමේ වැඩසටහනක් කිහිපයක් මෑතකදී පැවැත්විණි.


    පළාත් පාලන ආයතනයන්හි විධිමත් ආදායම් කළමනාකරණ ක්‍රමවේදයක් ස්ථාපනය කිරීමේදී අත්‍යවශ්‍ය කරුණු ලෙස ඵලදායී ලෙස අයවැය සකස් කිරීම, ආදායම් එක්රැස් කිරීමේ කාර්යක්ෂමතාව හා වියදම් පාලනය යන කරුණු අවධාරණය කළ යුතුව ඇත. පළාත් පාලන ආයතන තමන්ගේ ස්වයං ආදායම් මාර්ගවල හිඟ පිළිබඳ ඉතා පුළුල් තාක්ෂණික හා නීතිමය අවබෝධයෙන් වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීම උච්ත වේ. පළාත් පාලන ආයතන තුළ පොදුවේ ගත් කල වරිපනම් ආදායමේ හිඟ මුදල් ඉතා විශාල ලෙස දක්නට ලැබේ. තවද පළාත් පාලන ආයතනවල අනෙකුත් ආදායම් මාර්ග වන උසාවි දඩ සහ මුද්දර ගාස්තු විධිමත් ලෙස ඒකරාශී කිරීම සඳහා යෝග්‍ය ක්‍රමවේදයක් අනුගමනය කළ යුතු ව ඇත. 

    අනුරාධපුර දිස්ත්‍රික්කයේ පළාත් පාලන ආයතනයන්හි හිඟ ආදායමේ මුළු මුදල 2013 දෙසැම්බර් 31 දිනට රුපියල් 125,352,357ව්‍යාපෘතියේ මැදිහත් වීම තුළින් 2014 ජනවාරි සිට මාර්තු දක්වා රුපියල් 6,653,884 අයකර ගැනීමට හැකියාව ලැබී ඇත.

    වයඹ පළාත තුළ 2013 දෙසැම්බර් 31 දිනට හිඟ ආදායමේ මුළු මුදල රුපියල් 408,147,693ක් වන අතර 2014 මැයි සිට අගෝස්තු දක්වා කාලය තුළ පළාත් පාලන ආයතන 18හි ආදායම් අයකරගැනීම් යහපත් වර්ධනයක් පෙන්නුම් කරයි. ඒ තුළින් අයකරගැනීමට හැකි වූ හිඟ ආදායම රුපියල් 69,475,463කි.පොදුරාජ්‍ය මණ්ඩලයීය පළාත් පාලන සංගමය, ශ්‍රී ලංකා පළාත් පාලන ආයතනයන්ගේ සංසදය හා පළාත් පාලන, පළාත් සභා අමාත්‍යාංශය ඒකාබද්ධව ක්‍රියාත්මක කරන ජාතික සංවර්ධනය උදෙසා පළාත් පාලනය සවිමත් කිරීම ව්‍යාපෘතිය යටතේ පළාත් පාලන ආයතනයන්ගේ ස්වයං ආදායම් වැඩිදියුණු කිරීමේ වැඩසටහනක් කිහිපයක් මෑතකදී පැවැත්විණි.

    පළාත් පාලන ආයතනයන්හි විධිමත් ආදායම් කළමනාකරණ ක්‍රමවේදයක් ස්ථාපනය කිරීමේදී අත්‍යවශ්‍ය කරුණු ලෙස ඵලදායී ලෙස අයවැය සකස් කිරීම, ආදායම් එක්රැස් කිරීමේ කාර්යක්ෂමතාව හා වියදම් පාලනය යන කරුණු අවධාරණය කළ යුතුව ඇත. පළාත් පාලන ආයතන තමන්ගේ ස්වයං ආදායම් මාර්ගවල හිඟ පිළිබඳ ඉතා පුළුල් තාක්ෂණික හා නීතිමය අවබෝධයෙන් වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීම උච්ත වේ. පළාත් පාලන ආයතන තුළ පොදුවේ ගත් කල වරිපනම් ආදායමේ හිඟ මුදල් ඉතා විශාල ලෙස දක්නට ලැබේ. තවද පළාත් පාලන ආයතනවල අනෙකුත් ආදායම් මාර්ග වන උසාවි දඩ සහ මුද්දර ගාස්තු විධිමත් ලෙස ඒකරාශී කිරීම සඳහා යෝග්‍ය ක්‍රමවේදයක් අනුගමනය කළ යුතු ව ඇත. 

    අනුරාධපුර දිස්ත්‍රික්කයේ පළාත් පාලන ආයතනයන්හි හිඟ ආදායමේ මුළු මුදල 2013 දෙසැම්බර් 31 දිනට රුපියල් 125,352,357ව්‍යාපෘතියේ මැදිහත් වීම තුළින් 2014 ජනවාරි සිට මාර්තු දක්වා රුපියල් 6,653,884 අයකර ගැනීමට හැකියාව ලැබී ඇත.

    වයඹ පළාත තුළ 2013 දෙසැම්බර් 31 දිනට හිඟ ආදායමේ මුළු මුදල රුපියල් 408,147,693ක් වන අතර 2014 මැයි සිට අගෝස්තු දක්වා කාලය තුළ පළාත් පාලන ආයතන 18හි ආදායම් අයකරගැනීම් යහපත් වර්ධනයක් පෙන්නුම් කරයි. ඒ තුළින් අයකරගැනීමට හැකි වූ හිඟ ආදායම රුපියල් 69,475,463කි.

     

    NDH/HC

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya