මැයි 10, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    සපුගස්කන්ද තෙල් පිරිපහදුව ගැන මාධ්‍ය ප‍්‍රචාරය කළ කරුණු සාවද්‍යයි

    ඔක්තෝබර් 21, 2014
    සපුගස්කන්ද තෙල් පිරිපහදුව නවීකරණය හා ධාරිතාව ඉහළ නැංවීම පිළිබඳ ව අඛණ්ඩව රජයේ අවධානය යොමු වී ඇති බව ඛනිජතෙල් කර්මාන්ත අමාත්‍ය අනුර ප්‍රියදර්ශන යාපා මහතා ඊයේ (20) අමාත්‍යාංශ නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කළේය.
     
    එම නිවේදනයේ සඳහන් පරිදි, "යුද්ධය පැවති කාලසීමාව තුළ සපුගස්කන්ද තෙල් පිරිපහදුව නවීකරණය කිරීම සඳහා යම් වැඩපිළිවෙළක් ක‍්‍රියාත්මක කළ ද ඒ සඳහා අවශ්‍ය මුදල් සම්පාදනය කරගැනීම සම්බන්ධයෙන් ගැටලු රැසක් මතු වුණු නිසා එම වැඩපිළිවෙළ ක‍්‍රියාත්මක කිරීම ප‍්‍රමාද විය. එසේ වුව ද සපුගස්කන්ද තෙල් පිරිපහදුව නවීකරණය හා ධාරිතාව ඉහළ නැංවීම පිළිබඳ ව විවිධ පාර්ශවයන් විසින් යෝජනා ඉදිරිපත් කරන ලදී. එම යෝජනා පිළිබඳ ව ඛනිජතෙල් නීතිගත සංස්ථාව අභ්‍යන්තර වශයෙන් කරුණු හැදෑරීමක් කර ඇත. නමුත් එම යෝජනාවල විවිධාකාර අඩුපාඩු සහ දුර්වලතා දක්නට ලැබේ. 
     
    කෙසේ වුවත් සපුගස්කන්ද තෙල් පිරිපහදුව නවීකරණය හා ධාරිතාව නැංවීම අතිශය විශාල සහ සංකීර්ණ ආයෝජන ව්‍යාපෘතියක් නිසා ඛනිජතෙල් කර්මාන්ත අමාත්‍යාංශය ප‍්‍රධාන වශයෙන් ක්ෂේත‍්‍ර දෙකක් කෙරේ අවධානය යොමු කර ඇත. එනම්, සපුගස්කන්ද තෙල් පිරිපහදුව නවීකරණය හා ධාරිතාව ඉහළ නැංවීම සඳහා යෝග්‍යතම උසස් තාක්ෂණය යොදා ගැනීම හා ව්‍යාපෘතිය සඳහා මුදල් සම්පාදනය කරගන්නා ක‍්‍රමවේදයයි.
     
    මේ සඳහා යොමුකර ඇති ව්‍යාපෘති යෝජනා සම්බන්ධ ව විවිධ මට්ටම්වල විමර්ශන මේ වන විටත් සිදු කර ඇත. මෙම විමර්ශනවලදී යොදාගන්නා තාක්ෂණය කුමක් ද? කවර මට්ටමින් සිදුකරන්නේ ද? මුදල් ලබාගන්නා ක‍්‍රමවේදය කුමක්ද? කුමන ආයෝජකයා තෝරා ගත යුතුද?  යන්න පිළිබඳ ව අවසන් නිගමනවලට පැමිණ නොමැති බවත් දැනුම් දී ඇත.
     
    සපුගස්කන්ද තෙල් පිරිපහදුව නවීකරණය හා ධාරිතාව නැංවීම සඳහා සුදුසු ආයෝජකයකු තෝරාගෙන නොමැති අවස්ථාවක දී යම් ආයතනයක් තෝරාගෙන ඇතැයි ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා කරනු ලබන ප‍්‍රකාශය සාවද්‍ය, පදනම් විරහිත අගතිගාමී ප‍්‍රකාශයකි. එසේම මේ සම්බන්ධ ව ඒ මහතා ගෙන හැර දක්වා ඇති තොරතුරු සාවද්‍ය වේ. රජය විසින් සිදු කරන සංවර්ධන ව්‍යාපෘති සම්බන්ධ ව අසත්‍ය තොරතුරු ජනතාවට ගෙනහැර දක්වමින් ජනතාව නොමඟ යැවීමට කටයුතු නොකරන ලෙස එතුමාගෙන් ඉල්ලා සිටිමි.
     
    මෙම ව්‍යාපෘතිය රට තුළ ක‍්‍රියාත්මක කරනු ලබන මහා පරිමාණ ආයෝජනයක් නිසා ව්‍යාපෘතියේ සංකීර්ණත්වය, තාක්ෂණික කරුණු සහ මෙම ව්‍යාපෘතියට මුදල් ආයෝජනය කිරීමට ඇති හැකියාව පිළිබඳ ව මනා ඇගයීමකින් පසු වඩාත් හොඳ ආයෝජකයකු තෝරා ගැනීමට රජය කටයුතු කරනු ඇති බව“ ද එහි සඳහන් කර තිබේ. 
     
     
    NDH

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya