මැයි 10, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    දිවි නැඟුම 06 අදියර යාපනය දිස්ත්‍රික් සමාරම්භය පණ්ඩිත්තරිප්පු හින්දු විද්‍යාලයේදී

    ඔක්තෝබර් 20, 2014

    යාපනය දිස්ත්‍රික්කයේ දිවි නැගුම ජාතික ව්‍යාපාරයේ 6 වැනි අදියර අද (20) උදෑසන යාපනය පණ්ඩිත්තරිප්පු හින්දු විද්‍යාලයේදී උත්සවාකාරයෙන් ආරම්භ විය.

    ආර්ථික සංවර්ධන අමාත්‍යංශය යටතේ 6 වැනි දිවි නැගුම ව්‍යාපෘතිය අද (20) දිවයින පුරා ආරම්භ කිරීමේ වැඩසටහන්වලට සමගාමී ව මෙම උත්සවය සංවිධානය කර තිබුණි.
     

    ඉසුරුමත් නිවහනක්-අසිරිමත් මවුබිමක් 6 වැනි දිවි නැගුම ව්‍යාපෘතියේ තේමාවයි.
     

    යාපනය දිස්ත්‍රික් ලේකම් සුන්දරම් අරුමෙයිනායගම් මහතාගේ සංවිධායකත්වයෙන් උත්සවය සූදානම් කර තිබූ අතර සාම්ප‍්‍රදායික කර්මාන්ත හා කුඩා ව්‍යවසාය සංවර්ධන අමාත්‍ය ඩග්ලස් දේවානන්දා මහතාගේ ප්‍රධානත්වයෙන් එය පැවැත්විණි.
     

    අදින් ඇරඹි මෙම ව්‍යාපෘතිය මඟින් යාපනය දිස්ත්‍රික්කයේ  ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 15ක පවුල් සඳහා ගෘහාශ්‍රිත වගා උපකරණ,  ස්වයං රැකියා සහය, ගෙවතු වගා බීජ, කුකුළු පැටවු, පලතුරු පැළ ලබා දීමට නියමිතය. එක් එක් ග්‍රාම නිලධාරී කොට්ඨාසවලින් පවුල් 180ක් ඒ සඳහා තෝරා ‍ගැනීමට අපේක්ෂා කෙරේ.
     

    මෙම උත්සවයේදී පලතුරු පැළ 197,506ක්, පොල් පැළ 100,000ක්, ගෙවතු වගා බීජ පැකට් 80,000ක්, කුකුළු පැටවු 3179ක් ඇතුළු ව වර්ග 9ක එළවළු බීජ පවුල් 43,500කට බෙදා දෙන ලදී.
     

    උතුරු පළාත් ආණ්ඩුකාර ලේකම් ලක්ෂ්මන් ඉලංගෝවන්, අතිරේක දිස්ත්‍රික් ලේකම් රූබිනී වරදලිංගම්, උතුරු පළාත් විපක්ෂ නායක තවරාසා, යාපනය දිස්ත්‍රික් සැලසුම් අධ්‍යක්ෂිකා ඊ. මොහනේශ්වරන්, සහකාර සමෘද්ධි කොමසාරිස් මහේෂ්වරන් ඇතුළු මහත්ම මහත්මීහු පිරිසක් මීට එක් ව සිටියහ.

     

    SDF

    jaffna divi nagumajaffna divi naguma1jaffna divi naguma3jaffna divi naguma4jaffna divi naguma5

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya