මැයි 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    දිවි නැගුම 6 අදියර: උත්සව 56,088ක් - ලක්ෂ 20කට ආසන්න පිරිසක් එක් වෙති

    ඔක්තෝබර් 20, 2014

    බීජ කට්ටල ලක්ෂ 25ක් සහ එළවළු පැළ ලක්ෂ 126ක් බෙදා දෙයි                     


    දිවි නැගුම ජාතික ව්‍යාපාරයේ 6 අදියර ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (20) ඇරඹුණු අතර එයට සමගාමී ව දිවයින පුරා පැවති උත්සව 56,088කට ලක්ෂ 20කට ආසන්න පිරිසක් එක් ව සිටි බව ආර්ථික සංවර්ධන අමාත්‍යංශය පවසයි.

     

    රටපුරා ගෘහ ආර්ථික ඒකක විසිපන් ලක්ෂයක් සවිබල ගැන්වීම සඳහා බීජ කට්ටල ලක්ෂ 25ක් සහ එළවළු පැළ ලක්ෂ 126ක්ද මෙහිදී බෙදා දෙනු ලැබීය.

     

    පවුලේ ආර්ථිකය සහ පෝෂණය වැඩි දියුණු කරමින් දිවි නැගුම 6 අදියර ආරම්භ වූයේ අද  පෙරවරු 10.07ට එළැඹුණු සුබ මොහොතින් නැගෙනහිර දිසාව බලා පැළ සිටුවීමෙනි. එදිනෙදා පරිභෝජනයට අවශ්‍ය එළවළු සහ පලතුරු පිරිසිදුව සහ වියදමකින් තොර ව ගෙවත්තෙන් ම සපයා ගනිමින් නිරෝගී ජන සමාජයක් ඇති කිරීමේ අරමුණ පෙරදැරි ව අරඹා ඇති දිවි නැගුම වැඩසටහනේ ප්‍රථම අදියර ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ මඟ පෙන්වීම යටතේ ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාගේ මෙහෙයවීමෙන් ඇරඹුණේ 2011 මාර්තු මසදීය.

     

    මෙවර දිවි නැගුම 6 වන අදියර යටතේ බීජ කට්ටල ලක්ෂ 25ක් සහ එළවළු පැළ ලක්ෂ 126ට අමතරව පලතුරු පැළ ලක්ෂ 16ක්, පොල් පැළ ලක්ෂ 25ක්, සුළු අපනයන බෝග පැළ ලක්ෂ 10ක්, ස්ථීර වැවිලි බෝග ලක්ෂ 13ක්, ඖෂධ පැළ ලක්ෂ 2ක් සහ කතුරු මුරුංගා පැළ ලක්ෂ 10ක් ගෘහ ඒකක විසිපන් ලක්ෂයකට ලබා දෙනු ලබයි. දිවයින පුරා සමාරම්භක උත්සව පැවැත් වූ අද දින පමණක් කිකිළි පැටව් 132,000ක් ද විසිතුරු මත්‍ස්‍යයින් ඇති කිරීම සඳහා මත්ස්‍යයින් පොකුණු දහසක් ඇරඹීමට අවශ්‍ය පහසුකම්ද ලබාදෙන ලදි. අධ්‍යාපන අමාතාංශයේ මෙහෙයවීමෙන් පාසල් 10,012ක ගෙවතු වගා ඒකක පිහිටුවීමේ මූලික කටයුතු සුබ මොහොතින් ආරම්භ විය.

     

    බෙදා දෙන ලද බීජ කට්ටල ලක්ෂ 25ට ගෙවත්තේ වගා කිරීම සඳහා වර්ග හතකින් සමන්විත බීජ කට්ටලයට කරවිල, මෑ කරල් හෝ බෝංචි, බණ්ඩක්කා, වැටකොළු, රාබු, නිවිති, තම්පලා, කැරට්, ගෝවා, බීට්රූට්, දඹල වැනි දේශගුණික කලාපවලට ගැළපෙන බීජ අයත් විය.

     

    සෑම ග්‍රාම සේවා වසමක ම ජනතා නියෝජිතයින්, රාජ්‍ය නියෝජිතයින් සහ ප්‍රජා සංවර්ධන නියෝජිතයින්ගේ සහභාගිත්වයෙන් දිවි නැගුම සමාරම්භක උත්සවයන් පැවති අතර එයට වතු, ග්‍රාමීය, නාගරික සහ සියලු ජන කොටස්වල දායකත්වය හිමි විය.

     

    දිවි නැගුම වැඩසටහන පිළිබඳ වැඩි විස්තර ප්‍රදේශයේ කෘෂිකර්ම පර්යේෂණ සහ නිෂ්පාදන සහකාර, ග්‍රාම නිලධාරි, ආර්ථික සංවර්ධන නිලධාරීන් සහ සමෘද්ධි සංවර්ධන නිලධාරියන් හමුවීමෙන් ලබාගත හැකිය. තාක්ෂණික උපදෙස් ප්‍රදේශයේ කෘෂිකාර්මික උපදේශක හෝ ගොවි සහන සරණ සේවය 1920 ඇමතීමෙන් ලබාගත හැකිය.  

     

    HC

    Divineguma phase 6  Gampaha Katana 1

     

    Divineguma phase 6  Homagama

     

    Divineguma phase 6  Akuressa

     

    Divineguma phase 6  Beruwala

     

    Divineguma phase 6  Hingurakgoda

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya