මැයි 13, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    "දිවි නැඟුම" හය වන අදියර - අනුරාධපුර දිස්ත‍්‍රික් ප‍්‍රධාන වැඩසටහන තලාවේ දී

    ඔක්තෝබර් 20, 2014

    "දිවි නැඟුම" හය වන අදියරේ අනුරාධපුර දිස්ත‍්‍රික් ප‍්‍රධාන වැඩසටහන උතුරු  මැද පළාත් ප‍්‍රධාන අමාත්‍ය එස්.එම්. රංජිත් සමරකෝන් මහතාගේ ප‍්‍රධානත්වයෙන් අද (20) තලාවේදී සිදු කෙරිණි. 


    තලාව කේ.ටී.ඒ.ඩබ්ලිව්. පුණ්‍යකුමාර තෙන්නකෝන් මහතාගේ ගෙවත්තේ දී සිදු කෙරුණු දිවි නැඟුම වැඩසටහනේදී පවුල් 300කට බීජ, පැළ වර්ග සහ සත්ත්ව නිෂ්පාදනය සඳහා සතුන් ප‍්‍රදානය කෙරුණි‍‍‍.


    උතුරු මැද පළාත් සභාවේ සභාපති ටී.එම්.ආර්. සිරිපාල, තලාව ප‍්‍රාදේශීය සභාවේ සභාපති උපාලි ගුණවර්ධන, අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් මහින්ද සෙනෙවිරත්න, තලාව ප‍්‍රාදේශීය ලේකම් සන්ධ්‍යා ජේ. අබේසේකර යන මහත්ම මහත්මීහු ද මේ අවස්ථාවට එක් වූහ.

     

    NDH/HC

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya