මැයි 14, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    දිවි නැඟුම 06 අදියර නුවරඑළිය සමාරම්භය දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී

    ඔක්තෝබර් 20, 2014

    දිවි නැඟුම 06 වෙනි අදියර නුවරඑළිය ආරම්භක වැඩසටහන අද (20) පෙරවරුවේ උත්සවාකාරයෙන් නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී පැවැත්විණි.  


    දිස්ත්‍රික් ලේකම් ඩී.පී.ජී. කුමාරසිරි මහතාගේ ආරාධනයෙන් ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය නුවරඑළිය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මුත්තු සිවලිංගම් මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම වැඩසටහන පැවැත්විණි. 

    මෙහිදී අමාත්‍යතුමා විසින් දිස්ත්‍රික් ලේකම් පරිශ්‍රය තුළ තේ පැළයක් රෝපණය කිරීම සිදු කරන ලදී. එමෙන් ම පලතුරු පැළ සහ එළවළු පැළ දිස්ත්‍රික් ලේකම් කාර්යාලය තුළ සේවයේ නියුතු රජයේ නිලධාරීන් වෙත ප්‍රදානය කිරීම ද අමාත්‍යතුමන් වෙතින් සිදු විය.  

    පසුගිය වසර තුළ දිස්ත්‍රික් ලේකම් පරිශ්‍රය තුළ දිවි නැඟුම ව්‍යාපෘතිය යටතේ සිටුවන ලද පලතුරු පැළ අමාත්‍යතුමන්ගේ විශේෂ නිරීක්ෂණයකට ද ලක් විය. මේ අවස්ථාව සඳහා අතිරේක දිස්ත්‍රික් ලේකම්තුමිය ප්‍රමුඛ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ සියලු ම නිලධාරීහු සහභාගී වී සිටියහ. 

    NDH/SH-dmu nuwaraeliya

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya