මැයි 13, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    අතුරුදන්වූවන් පිළිබඳ පැමිණිලි විමර්ශනය කිරීමේ ජනාධිපති කොමිසම මුලතිව් - මුහුදුබඩපත්තු, ඔඩ්ඩුසුදාන් ප‍්‍රදේශයට

    ඔක්තෝබර් 20, 2014

    අතුරුදන්වූවන් පිළිබඳ පැමිණිලි විමර්ශනය කිරීමේ ජනාධිපති කොමිසම් සභාව ලබන නොවැම්බර් 02 සිට 05 දක්වා මුලතිව් දිස්ති‍්‍රක්කයේ පුද්ගලයන්ගෙන් ප‍්‍රකාශ ලබා ගැනීමට නියමිතය.


    ඒ අනුව නොවැම්බර් 02 සහ 03 යන දෙදින තුළ මුලතිව්, මුහුදුබඩ පත්තුව (මැරිටියම්පත්තු) දිස්ති‍්‍රක් ලේකම් කාර්යාලයේ පෙරවරු 9.00 සිට පස්වරු 5.00 දක්වාද, නොවැම්බර් 04 සහ 05 යන දෙදින තුළ ඔඩ්ඩුසුදාන් ප‍්‍රාදේශීය ලේකම් කාර්යාලයේ දී පෙරවරු 9.00 සිට පස්වරු 03.00 දක්වා ද පැමිණිලි ඉදිරිපත් කළ හැකිය.

    එම ප‍්‍රදේශවල ග‍්‍රාම නිලධාරී කොට්ඨාස මට්ටමෙන් අතුරුදහන්වූවන් සම්බන්ධයෙන් කලින් පැමිණිලි නොකළ පුද්ගලයන්ටද, මෙම දින තුළදී පැමිණිලි සහ සාක්ෂි සටහන් කළ හැකියාව ඇති බැවින් ඒ සඳහා අදාළ ස්ථාන වෙත පැමිණෙන ලෙස අතුරුදහන්වූවන් පිළිබඳ පැමිණිලි විමර්ශනය කිරීමේ ජනාධිපති කොමිසම් සභාව ජනතාව දැනුවත් කර ඇත.

    NDH/priu

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya