මැයි 13, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    උතුරු මැද කුඹුරු අක්කර ලක්‍ෂයක සාම්ප‍්‍රදායික ඉපැරණි වී වගා කිරීම අරඹයි

    ඔක්තෝබර් 20, 2014

    උතුරු මැද පළාතෙන් "වකුගඩු මාරයා" පරාජය කිරීම සඳහා කුඹුරු අක්කර ලක්‍ෂයක සාම්ප‍්‍රදායික ඉපැරණි වී වගා කිරීම අරඹයි.


    ජනාධිපතිතුමාගේ උපදෙස් පරිදි ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය විසින් ගොවීන් සඳහා පැරණි බිත්තර වී නොමිලේ බෙදා දීම පසුගියදා උතුරු මැද පළාත් ප‍්‍රධාන අමාත්‍ය එස්.එම්. රංජිත් සමරකෝන් මහතාගේ ප‍්‍රධානත්වයෙන් අනුරාධපුර බටහිර මැතිවරණ කොට්ඨාසයේ විලච්චිය පේමඩුවේදී සිදු කෙරිණ.

    ප‍්‍රදේශයේ ගොවීන් 500ක් සඳහා වී කිලෝ 15 බැගින් බෙදා දුන් අතර සුවඳැල්, කළු හීනටි, කුරුළු තුඩ, රන් සුවඳැල්, පච්ච පෙරුමාල් ආදි පැරණි වී වර්ග ඇතුළත් විය.

    මෙහිදී අදහස් දැක් වූ උතුරු මැද පළාත් ප‍්‍රධාන අමාත්‍ය එස්.එම්. රංජිත් සමරකෝන් මහතා, වකුගඩු රෝගය අප ප‍්‍රදේශයේ පවුල් පිටින් ගිල ගන්නවා. රෝගය වැළදෙන නිශ්චිත ආකාරයක් පිළිබඳ තව ම කරුණු අනාවරණය වී නැහැ. ජලය ඊට හේතු වී ඇති බවත් රසායන පොහොර හේතු වී ඇති බවත් පැවසෙනවා. වකුගඩු රෝගය බෝවීම මර්දනය කිරීම සඳහා පැරණි සහල් වර්ග ආහාරයට සුදුසු බව නිර්දේශ වී ඇති බැවින් ජනාධිපතිතුමාගේ උපදෙස් අනුව අනුරාධපුර දිස්ති‍්‍රක්කයේ පැරණි වී වර්ග අක්කර ලක්‍ෂයක වගා කිරීමේ සැලැස්මක් මෙම මාස් කන්නයේ අරඹනවා. ඒ සඳහා ගොවියෙකුට පැරණි බිත්තර වී කිලෝ 15 බැගින් ලබා දෙන බව ද ඔහු කීය. 

    මෙම අවස්ථාවට වාරිමාර්ග ජල කළමනාකරණ නියෝජ්‍ය අමාත්‍ය ඩබ්ලිව්.බී. ඒකනායක මහතා සහභාගී විය. 

    NDH/HC

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya