අප්‍රේල් 28, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    නව තාක්ෂණික දැනුම ග්‍රහණය කර නොගත්තොත් එය තැපැලේ ගමනට අභියෝගයක්

    ඔක්තෝබර් 20, 2014

    මොහොතින් මොහොත අලුත් වන, දියුණු වන ලෝකයේ නව තාක්ෂණික දැනුම ඉතා දක්ෂ ලෙස හා ගැඹුරින් ග්‍රහණය කර ගත්තේ නැත්නම් එය තැපැල් දෙපාර්තමේන්තුවේ ගමනට අභියෝගයක් විය හැකි බව පොලොන්නරුව දිස්ත්‍රික් ලේකම් නිමල් අබේසිරි මහතා පැවසීය.


    දිස්ත්‍රික් ලේකම්වරයා මේ බව පැවසුවේ විශ්ව තැපැල් දිනයට සමගාමී ව පසුගියදා උතුරු මැද පළාත් තැපැල් දින සැමරුම් උළෙලේ ප්‍රධාන ආරාධිත දේශනය කරමිනි. උත්සවය පොලොන්නරුව රාජකීය විද්‍යාලයීය සී.පී. ද සිල්වා අනුස්මරණ රඟහලේදී පැවැත්විණි.

    එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් අදහස් දැක්වූ දිස්ත්‍රික් ලේකම්වරයා මෙසේ ද පැවසීය. " තැපෑල කිව්ව ම මගේ මනසේ චිත්‍රණය වන්නේ හිට්ලර්ගේ රැවුල් කට් එක හා කාකි කෝට් එකයි. තැපැල් කණුවයි. උදේ පාන්දරින් ම බයිසිකලෙන් ගහන සීනුවයි. සුදු ඇඳගෙන තැපැල් කන්තෝරුවේ දඩස් දඩස් ගාලා සීල් ගහන හැටියි. අද දවසේ පරම්පරාවට මේ අත්දැකීම නැහැ. එස්.එම්.එස්. එක, අන්තර්ජාල පහසුකම, ජංගම දූරකතන පහසුකම නිසා එය නැති වෙන්න පුළුවනි. අපේ පරම්පරාවේ අය දෙමාපියන්ට හොරෙන් ප්‍රේමපත්‍ර යැව්වේ මේ තැපෑලෙන්.

    එදා බයිසිකලෙන් තැපැල් මහත්තයා එනකොට අපට දැනුණේ දෙවියෙක් එනවා වගෙයි. ගෙදරට හොරා එන ප්‍රේමපත්‍රයට පිළිතුරු එන්නේ එලෙසයි. ඒ නිසා ම ඉතා කුළුපඟ සම්බන්ධතාවක් ගොඩනගා ගත්තේ. අපි ලිව්ව එක ලියුමක්වත් නැති වුණේ නැහැ. ඒ තරමට විශ්වාසදායකයි. මට රාජ්‍ය සේවයට එන්න ලැබෙන්නේ නැහැ ඒ විශ්වාසදායී සේවාව නැති වුණා නම්. රාජ්‍ය සේවයට බඳවා ගැනීමේ ලිපි හුවමාරු වන්නේ තැපෑලෙන්. මොහොතින් මොහොත තාක්ෂණය දියුණු වන ලෝකයේ උදේ පාන්දරින් ම නව තාක්ෂණික දැනුම ඉතා දක්ෂ ලෙස හා ගැඹුරින් ග්‍රහණය කර ගත්තේ නැත්නම් තැපැල් දෙපාර්තමේන්තුවේ ගමනට අභියෝගයක් වෙන්න පුළුවනි. ඒ නිසා ඒ ගැන වැඩි අවධානයක් යොමු කළ යුතුයි" යනුවෙන් ඔහු පැවසීය.

    මෙහිදී අදහස් දක්වමින් උතුරු මැද පළාත් නියෝජ්‍ය තැපැල්පතිනී පී. චමීජා ද සිල්වා මහත්මිය මෙසේ පැවසුවාය. "ලොව පුරා රටවල් 192ක සහභාගිත්වයෙන් විශ්ව තැපැල් දිනය සමරනවා. 1874දී ඇති කර ගත් සම්මුතීන්ට අනුව විශ්ව තැපැල් දිනය ඔක්තෝබර් 09ට යෙදී ඇත. දෙස් විදෙස් වශයෙන් ලිපි හුවමාරුව, බෙදාහැරීම සිදු වන්නේ 1974දී ඇති කර ගත් විශ්ව තැපැල් සංගමයේ නියමයන්ට අනුකූලවයි. අද ලෝකයේ මිලියන 5ක සේවක සේවිකාවන්ගෙන් තැපැල් කාර්යාල 640,000ක් මහජන සේවය සඳහා ක්‍රියාත්මක වේ. අද අප සමරන්නේ 140 වෙනි තැපැල් දිනයයි "


    මෙහිදී උතුරු මැද පළාත් කාර්යක්ෂම නිල ඇඳුම් සේවකයන් ලෙස ජී.පී. චන්ද්‍රසේන, බී.එස්.ආර්.ජේ. ගුණසේකර, ඩී.ඩී.සී. පුෂ්පකුමාර යන සේවක මහතුන් සම්මානයට පාත්‍ර වූහ. වසර 30 ඉක්මවා සේවයේ නියුතු සේවක මහතුන් 74 දෙනෙකු සඳහා ද මෙහිදී සම්මාන පිදීය.

    මේ අවස්ථාවට නියෝජ්‍ය තැපැල්පති (මෙහෙයුම්) ඩබ්.ඒ.ජී. වික්‍රමසිංහ, නියෝජ්‍ය තැපැල්පති (මධ්‍යම) රාජිත කේ. රණසිංහ,‍ පොලොන්නරුව ප්‍රාදේශීය තැපැල් අධිකාරී ජේ.ඒ. නිමල් ජයතිලක යන මහත්වරු එක් ව සිටියහ.

    NDH/WK-dmu polonnaruwa

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya