අප්‍රේල් 28, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    දිවි නැඟුම 06 වන අදියර - මාතර දිස්ත‍්‍රික් ප‍්‍රධාන උත්සවය වැලිගමදී

    ඔක්තෝබර් 20, 2014

    "ඉසුරුමත් නිවහනක් - අසිරිමත් මව්බිමක්" මැයෙන් ක‍්‍රියාත්මක කරන දිවි නැඟුම 06 වන අදියර යටතේ මාතර දිස්ත‍්‍රික් ප‍්‍රධාන උත්සවය කෘෂිකර්ම අමාත්‍ය මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප‍්‍රධානත්වයෙන් අද (20) පෙරවරුවේ වැලිගමදී පැවැත්වේ.


    මාතර දිස්ත‍්‍රික්කයේ ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාස මට්ටමින් සමාරම්භක උත්සව 16ක් හා ග‍්‍රාම නිලධාරී වසම් මට්ටමින් උත්සව 650ක් ද පැවැත්වීමට කටයුතු යොදා ඇත.

    ප‍්‍රතිලාභීන් 65,000ක් සඳහා පැළ 09 බැගින් එළවළු පැළ 585,000ක් සහ බීජ පැකට් 117,000ක් බෙදා දේ. මීට අමතරව ගෘහ ඒකක, රජයේ කාර්යාල පරිශ‍්‍ර, රජයේ නිලධාරීන්ගේ ගෙවතු හා පාසල් භූමි සඳහා පලතුරු පැළ ලබාදීම මේ යටතේ සිදු කෙරේ.

    දිවි නැඟුම 06 වන අදියර සඳහා මාතර දිස්ත‍්‍රික්කයට රුපියල් මිලියන 12ක ප‍්‍රතිපාදන වෙන් වී තිබේ.

    NDH/TI-dmu matara

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya