අප්‍රේල් 28, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    දිවි නැඟුම 6 වෙනි අදියරට සමගාමී ව නැගෙනහිර කොළඹත් සමාරම්භක උත්සවයක්

    ඔක්තෝබර් 20, 2014

    දිවි නැඟුම ජාතික ව්‍යාපාරයේ 6 වෙනි අදියරට සමගාමී ව තිඹිරිගස්යාය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ සමාරම්භක උත්සවය අද (20) පෙරවරු 10.07ට යෙදෙන සුබ මොහොතින් නාරාහේන්පිට, ගෞතම විහාරයේදී පැවැත්වේ.


    නැගෙනහිර කොළඹ ප්‍රධාන සංවිධායක ප්‍රදීප් ගුණවර්ධන හා නාගරික මන්ත්‍රී එම්.ඒ. දේවිකා මහත්මියගේ ප්‍රධානත්වයෙන් මේ උත්සවය පැවැත්වෙනු ඇත.

    මෙහිදී තෝරා ගනු ලබන ප්‍රතිලාභීන් වෙත වර්ග 07කින් සමන්විත එළවළු බීජ කට්ටලයක් ද වර්ග 04කින් සමන්විත එළවළු පැළ 09ක් ද සමඟින් පලතුරු පැළ, පොල් පැළ, කුළුබඩු බෝග පැළ ද විශේෂ බෝගයක් ලෙස කතුරුමුරුංගා පැළ ද ජනතාව වෙත බෙදාදීම සිදු කෙරේ.

    මීට සමගාමී ව නැගෙනහිර කොළඹ මැතිවරණ කොට්ඨාසයේ තිඹිරිගස්යාය - ටොරිංටන් මහල් නිවාස ක්‍රීඩා ශාලාව, මහාමාත්‍ය විද්‍යාලය, කිරුළපන පූර්වාරාමය, ගෝතමීපුර - ලක් විදුහල ප්‍රජා ශාලාව, නැගෙනහිර පාමංකඩ - බලපොකුණ විහාරය, බටහිර පාමංකඩ - ධර්මෝදය විහාරය යන ස්ථානයන්හි ද සැමරුම් උත්සව පැවැත්වීමට නියමිතය.

    NDH

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya