අප්‍රේල් 28, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    සාමාන්‍ය පෙළ විභාගය වෙනුවෙන් කුරුණෑගල දිස්ත්‍රික්කයේ සම්මන්ත්‍රණ 90ක්

    ඔක්තෝබර් 19, 2014

    මෙවර අ.පො.ස සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින දරුවන්  වෙනුවෙන් වයඹ ප්‍රධාන අමාත්‍ය නීතිඥ දයාසිරි ජයසේකර මහතාගේ නව ජීවන පදනම යටතේ දින 10ක සම්මන්ත්‍රණයක් පැවැත්වීමට කටයුතු යොදා ඇත.

     මෙහි ප්‍රථම අදියර කුරුණෑගල කලාපයේ  වයඹ රාජකීය විද්‍යාලයේ දී හෙට (20) උදේ 9.00ට ආරම්භ වේ.

    විද්‍යාව, ගණිතය  සහ ඉංග්‍රීසි යන විෂයන් තුන වෙනුවෙන් සම්මන්ත්‍රණ පවත්වන අතර කුරුණෑගල දිස්ත්‍රික්කයේ අධ්‍යාපන  කලාප 6ක් තුළ මධ්‍යස්ථාන 30ක සම්මන්ත්‍රණ 90ක් පැවැත්වීමට නියමිතය. සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින දරුවන්ට විභාගයට පෙර  විෂයන් පිළිබඳ පුළුල් අවබෝධයක් මෙයින් ලැබෙන බව ප්‍රධාන අමාත්‍යවරයා අවධාරණය කර සිටී. 

     

    පළාතේ ප්‍රවීණ ගුරු උපදේශකවරුන් සහ ගුරුවරුන් ඒ ඒ විෂයයන් වෙනුවෙන් දේශන පවත්වයි. පෙන්සිල් ඔපෙරා අධ්‍යාපන ආයතනයේ අනුග්‍රහය සහ වයඹ පළාත් පූර්ව ළමා අධිකාරියේ අධ්‍යක්ෂ සුමිත් සේනාරත්න මහතාගේ සම්බන්ධීකරණයෙන් සම්මන්ත්‍රණය ක්‍රියාත්මක වේ. කුරුණෑගල දිස්ත්‍රික්කයේ සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින දරුවන් 25000ක් පමණ මෙම සම්මන්ත්‍රණවලට  සහභාගී වීමට නියමිතය.


     ECB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya