අප්‍රේල් 27, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මහජන ගැටලු විසදීමේ ජංගම වැඩසටහනක් හෙට දොළුව නගරයේ දී

    ඔක්තෝබර් 19, 2014

    අග්‍රාමාත්‍ය පෞද්ගලික ලේකම්, මධ්‍යම පළාත් සභා මන්ත්‍රී නීතිඥ අනුරාධ ජයරත්න මහතාගේ සංකල්පයක් මත මහජන ගැටලු විසඳීමේ ජංගම වැඩසහටහනක් හෙට (20) පෙරවරු 09.00 සිට දවසපුරා දොළුව නගරයේ පිහිටි දහම් පාසල් ගුරු පුහුණු ජාතික මධ්‍යස්ථානයේදී පැවැත්වේ.

    ජනතාවගේ නොවිසඳුණු ගැටලු සඳහා කඩිනම් විසඳුම් ලබා දීමේ අපේක්ෂාවෙන් ක්‍රියාත්මක මෙම වැඩසටහන සඳහා රජයේ ආයතන රැසක් නියෝජනය කරමින් නිලධාරීන් සහභාගී වේ.

     

    ජනතාව නිලධාරින් වෙත ඉදිරිපත් කරන සිය ගැටලු සඳහා එම ස්ථානයේදී ම විසඳුම් ලබා දෙන අතර ප්‍රාදේශීය මට්ටමින් ඉටු කළ නොහැකි ගැටලු මධ්‍යම රජය වෙත ඉදිරිපත් කොට විසඳුම් ලබා ගැනීමේ සම්බන්ධීකරණ කටයුතු ද මෙම ස්ථානයේදී ම සිදු කෙරේ.

     

    මහජන ගැටලු විසදීමේ ජංගම වැඩසටහනේ ප්‍රථම අදියර යටතේ ගම්පොළ මැතිවරණ කොට්ඨාසයේ මහජන ගැටලු විසඳීමට කටයුතු යොදා ඇති අතර එය ඉදිරි වැඩසටහන්වලදී තව දුරටත් පුළුල් කිරීමට නියමිතය.අග්‍රාමාත්‍ය ආචාර්ය දි.මු. ජයරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ වන මෙම වැඩසටහන සඳහා මහජන නියෝජිතයන්, අග්‍රාමාත්‍ය කාර්යාලයේ කාර්යමණ්ඩලය ඇතුළු පිරිසක් සහභාගී වේ.

     

    ECB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya