මැයි 11, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ආසියානු යටිතල පහසුකම් ආයෝජන බැංකුවට ශ්‍රී ලංකාවත්

    ඔක්තෝබර් 19, 2014

    ආසියානු යටිතල පහසුකම් ආයෝජන බැංකුවේ ආරම්භක සාමාජිකයෙකු වශයෙන් එක්වන ලෙසට ශ‍්‍රී ලංකා රජයට නිල වශයෙන් ආරාධනය කර තිබේ. 


    තිරසාර ආර්ථික හා සමාජ සංවර්ධනයක් ආසියාව තුළ සහතික කරනු පිණිස හා ඉදිරියේ ඇති විය හැකි මූල්‍ය අර්බුද හා වෙනත් බාහිර කම්පනයට එරෙහි ව කලාපීය නම්‍යතාව ශක්තිමත් කිරීම අරමුණු කර ගනිමින් චීන ජනාධිපති ශී චිං පිං මැතිතුමාගේ යෝජනාවක් අනුව එය පිහිටුවනු ලබයි.

    ශ‍්‍රී ලංකාව දැනට ලොව විශාලත ම බහුපාර්ශ්වික සංවර්ධන මූල්‍ය ආයතන දෙක වන ලෝක බැංකුව හා ආසියානු සංවර්ධන බැංකුවේ ආරම්භක සාමාජිකයෙකු ද වෙයි. 

    ආසියානු යටිතල පහසුකම් ආයෝජන බැංකුව ස්ථාපනය කිරීම ආසියානු ආර්ථිකයන් තනි ව මුහුණු දෙන්නා වූ මූල්‍යමය අවහිරතා ඉවත් කරමින් හා අවශ්‍ය කරන අතිරේක සම්පත් ආසියාව තුළින් හා ආසියාවට පිටතින් ඒකරාශී කිරීමට උපකාරී වන අතර පවත්නා බහුපාර්ශවීය බැංකු සඳහා ඌන පූරකයක් ද වනු ඇත. 

    මෙහි ආරම්භක සාමාජිකයන් ලෙස එක්වීමට කලාපයේ රටවල් 22ක් තම කැමැත්ත පළ කොට ඇත.

    NDH

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya