මැයි 11, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    වසර 12කට පසු වයඹ ප්‍රධාන අමාත්‍යවරයෙක් පුත්තලම් දිස්ත්‍රික්කයේ මහජන දිනය පවත්වයි

    ඔක්තෝබර් 19, 2014

    කුරුණෑගල සහ පුත්තලම දිස්ත්‍රික්ක දෙකෙන් සමන්විත වයඹ පළාතේ පළාත් සභා ඉතිහාසයේ ප්‍රථම වරට ප්‍රධාන අමාත්‍ය නීතිඥ දයාසිරි ජයසේකර මහතා හෙට (20) පුත්තලම දිස්ත්‍රික්කයේ ජනතාව වෙනුවෙන් මහජන දිනයක් ආරම්භ කිරීමට කටයුතු යොදා ඇත.

    හෙට පුත්තලම් දිස්ත්‍රික් ලේකම් කාර්යාල පරිශ්‍රයේ ප්‍රධාන අමාත්‍යවරයාගේ කාර්යාලයේදී පෙ.ව. 11.00ට මහජන දිනය ආරම්හ කිරීමට නියමිතයි.මෙය වසර 12කට පසු වයඹ පළාත් සභාවේ ප්‍රධාන අමාත්‍යවරයෙක් ප්‍රථම වතාවට පුත්තලම් දිස්ත්‍රික්කයේ මහජන දිනයක් ආරම්භ කිරීමේ අවස්ථාව වේ.

     

    කුරුණෑගල පළාත් ප්‍රධාන අමාත්‍ය කාර්යාලයේ සෑම බදාදා දිනක ම මහජන දිනය පවත්වනු ලැබේ. පුත්තලම් දිස්ත්‍රික්කයේ ජනතාවට  කුරුණෑගලට පැමිණීමේදී ඔවුන්ට අත්විඳින්නට සිදු ව ඇති දුෂ්කරතා පිළිබඳ ව සැලකිල්ල යොමු කරමින් මෙම පුත්තලම් දිස්ත්‍රික් මහජන දිනය ආරම්භ කරන බව ප්‍රධාන අමාත්‍යවරයා පවසයි. 

     

    ECB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya