මැයි 12, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    දක්ෂිණ අධිවේගී මාර්ගයේ මගී සේවා පුළුල් කරමින් නව බලපත්‍ර 43ක් නිකුත් කෙරේ

    ඔක්තෝබර් 19, 2014

    දක්ෂිණ අධිවේගී මාර්ගයේ මගී ප්‍රවාහන සේවා පුළුල් කරමින් අධි සුඛෝපභෝගී සේවා නව මාර්ග බලපත්‍ර 43ක් හෙට (20) සිට නිකුත් කිරීමට ජාතික ගමනාගමන කොමිෂන් සභාව පියවර ගෙන තිබේ.


     ඒ අනුව මහරගම - මාතර  මගී සේවා අවසර පත්‍ර (මාර්ග බලපත්‍ර) 28ක් ද, මාතර - කඩුවෙල මගී සේවා අවසර පත්‍ර 15ක් ද නිකුත් කරනු ලබයි.


    කැබිනට් මණ්ඩලය මගින් අනුමත ක්‍රමවේදයකට අනුව මෙම මගී සේවා අවසර පත්‍ර නිකුත් කිරීම සිදු කෙරෙන බව ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ සභාපති රේණුක පෙරේරා මහතා ප්‍රකාශ කරයි.
     ඒ අනුව මාතර - කොළඹ අංක 02 මාර්ගයේ මෙතෙක් මගී ප්‍රවාහන සේවාවේ යෙදුන බස් හිමියන් අතරින් විධිමත් ලෙස අයදුම්පත් කැඳවා සම්මුඛ පරීක්ෂණ පැවැත්වීමෙන් අනතුරු ව වැඩි ම ලකුණු ලබාගත් බස් හිමියන් 43දෙනෙකු නව මගී සේවා අවසර පත්‍ර ලබාගැනීම සඳහා සුදුසුකම් ලැබ ඇත.


    අදාළ සම්මුඛ පරීක්ෂණයේදී, මගී සේවා අවසරපත්‍ර ජ්‍යේෂ්ඨත්වය, ධාවකයා සතු අනෙකුත් අන්තර් පළාත් මගී සේවා අවසරපත්‍ර ප්‍රමාණය, සේවා ගුණාත්මකභාවය ආදිය විශේෂයෙන් සැලකිල්ලට ගනු ලැබීය.

     

    ECB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya