මැයි 11, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    දිවි නැගුම ගෙවතු වගා වැඩසටහනේ හයවැනි අදියරට කුරුණෑගල සූදානම්

    ඔක්තෝබර් 19, 2014

    ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය මගින් ක්‍රියාත්මක කෙරෙන දිවි නැගුම ගෙවතු වගා වැඩසටහනේ හයවන අදියර යටතේ මේ මස 20 වන දා කුරුණෑගල දිස්ත්‍රික් වැඩසටහන ආරම්භ කෙරේ.


    එය එදින පෙ.ව. 10.07ට යෙදෙන සුබ නැකතින් වාරියපොළ ප්‍රාදේය ලේකම් කොට්ඨාසයේ අවුලේගම ග්‍රාම නිලධාරී වසම තුළ පිහිටි හල්මිල්ලෑව ග්‍රාමයේ කේ.එම්. ජයරත්න මහතාගේ ගෙවත්තෙන් මෙම වැඩසටහන ආරම්භ කිරීමට කටයුතු යොදා ඇත.


     මෙම අවස්ථාවට ප්‍රධාන ආරාධිතයා ලෙස පාරිභෝගික සුබසාධනය පිළිබඳ ජ්‍යේෂ්ඨ ආමාත්‍ය එස්.බී. නාවින්න මහතා සහභාගී වේ. එමෙන් ම මෙම අවස්ථාවට කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු හා පළාත් සභා මැති ඇමතිවරුද කුරුණෑගල දිස්ත්‍රික් ලේකම් එච්.එම්.පී. හිටිසේකර මහතා ඇතුළු රාජ්‍ය නිලධාරීන් ද සහභාගී වීමට නියමිත වේ.


    මේ යටතේ කුරුණෑගල දිස්ත්‍රික්කය තුළ ග්‍රාම නිලධාරී වසම් 1610ක ආදර්ශ ගෙවතු 161,000ක් ආරම්භ කිරීමට කටයුතු යොදා ඇත.


    ECB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya