මැයි 11, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    අගෝස්තුවට සාපේක්ෂ ව සැප්තැම්බරයේ දී උද්ධමනය අඩු වේ

    ඔක්තෝබර් 18, 2014
    අඩු උද්ධමන පරිසරය අඛණ්ඩ ව 68වැනි මාසයටත් පවත්වා ගනිමින් වාර්ෂික ලක්ෂමය පදනම මත මනිනු ලබන මතුපිට උද්ධමනය 2014 සැප්තැම්බර් මාසය තුළ දී 3.5%ක් ලෙස නොවෙනස් ව පැවැති බව ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනය කරයි.
     
    වාර්ෂික සාමාන්‍ය පදනම මත මනිනු ලබන මතු පිට උද්ධමනය පෙර මාසයේ පැවැති 4.5% සිට 4.2ක් දක්වා අඩු වී ඇත.
     
    ඒ අතර වාර්ෂික ලක්ෂමය පදනම මත මනිනු ලබන මූලික උද්ධමනය 2014 අගෝස්තු මාසයේ පැවැති 3.9% සිට සැප්තැම්බර් මාසයේ දී 3.7%කට අඩු විය.
     
    ජාත්‍යන්තර බලශක්ති මිල ගණන් සැලකිය යුතු ලෙස පහළට යෑම සහ දේශීය විදුලිබල යටිතල පහසුකම් වැඩිදියුණු වීම හේතුවෙන් බලශක්ති මිල ගණන් අඩු කිරීම සඳහා රජයට හැකියාව ලැබුණු අතර මෙම මිල සංශෝධනවල යහපත් බලපෑම උද්ධමනය තුළින් පිළිබිඹු වෙමින් පවතී.
     
    මේ හේතුවෙන් සහ ජාත්‍යන්තර වෙළෙඳපොළෙහි ප්‍රධාන පාරිභෝගික භාණ්ඩවල මිල ගණන් අඛණ්ඩ ව අඩුවීම මගින්, උද්ධමනය වසර අවසානය වන විට පෙර පුරෝකථනය කරන ලද සියයට 4 -5ක් වු පරාසයටත් වඩා පහළ අගයක පවතිනු ඇතැයි අපේක්ෂා කරන බව 2014 ඔක්තෝබර් ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් ප්‍රතිපත්ති විවරණය පෙන්වා දෙයි.
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya