මැයි 11, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    අනතුරු අවම කිරීම හා සුරක්ෂිතතාව තහවුරු කිරීමේ වැඩමුළුවක්

    ඔක්තෝබර් 18, 2014
    ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලයේ කොළඹ දිස්ත්‍රික් ලේකම් කාර්යාලය මගින් සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්ත ශාලාවන් හි සිදු විය හැකි අනතුරු අවම කිරීම සහ කාර්මික සුරක්ෂිතතාව තහවුරු කිරීමේ වැඩමුළුවක් පැවැත්වීමට සැලසුම් කොට ඇත.
     
    කම්කරු දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් මෙම වැඩසටහනේ දී කාර්මික අනතුරු අවම කිරීමේ ක්‍රමවේද, කාර්මික සුරක්ෂිතතාව සුරැකීමේ උපක්‍රම, කම්කරු වන්දි ආඥා පනත හැඳින්වීම පිළිබඳ ක්ෂේත්‍ර ආවරණය කිරීමට නියමිතය.
     
    නොවැම්බර් 04දා කාර්මික සංවර්ධන මණ්ඩලයේ ප්‍රධාන කාර්යාලයේ දී පැවැත්වීමට නියමිත මෙම වැඩමුළුව අවසානයේ දී වටිනා සහතිකයක් පිරිනැමීමට ද කාර්මික සංවර්ධන මණ්ඩලය කටයුතු යොදා ඇත.
     
    මේ පිළිබඳ වැඩිදුර තොරතුරු ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලය, 98, දෙවන මහල, හයිලෙවල් ප්ලාසා ගොඩනැගිල්ල, දෙල්කඳ, නුගේගොඩ යන ලිපිනයෙන් හෝ 0112 815 009 හෝ 0713 660 033 දුරකතන අංකයට අමතා හෝ This email address is being protected from spambots. You need JavaScript enabled to view it. විද්‍යුත් ලිපිනයට පණිවුඩයක් එවීමෙන් ද ලබාගත හැකිය.
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya