මැයි 11, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    දේශීය අර්තාපල් දිවි නැගුම සාමාජිකයන්ට නොමිලේ බෙදා දීමේ වැඩපිළිවෙළක්

    ඔක්තෝබර් 18, 2014
    මෙරට අර්තාපල් ගොවීන්ගේ අස්වැන්න සහතික මිලකට ලබාගැනීමෙන් අනතුරු ව එම අස්වැන්න සමෘද්ධිලාභීන් හෙවත් දිවි නැගුම ලාභීන්ට නොමිලේ බෙදා දීමට ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා තීරණය කිරීමෙන් පසු එම වැඩපිළිවෙළ යටතේ රඹුක්කන මැතිවරණ කොට්ඨාසයේ  සමෘද්ධිලාභීන්ට නොමිලේ අර්තාපල් බෙදා දීමේ කටයුතු පසුගිය දින සිදු විය.
     
    රඹුක්කන මැතිවරණ කොට්ඨාසයේ සමෘද්ධිලාභීන් හෙවත් දිවි නැගුම සාමාජික පවුල් සංඛ්‍යාව 7500ක් පමණ වේ. එම සෑම පවුලකට ම මෙම වැඩපිළිවෙළ යටතේ අර්තාපල් කිලෝ 2 බැගින් නොමිලේ බෙදා දෙන බව රඹුක්කන ප්‍රාදේශීය ලේකම් මොහාන් විජේරත්න මහතා කීය. 
     
    රඹුක්කන පින්නවල ප්‍රජා මූල බැංකු ගොඩනැගිල්ලේ දී මෙම අර්තාපල් නොමිලේ බෙදාදීමේ වැඩසටහන පාර්ලිමේන්තු මන්ත්‍රී කනක හේරත් මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු විය.
     
    මෙහිදී මන්ත්‍රීවරයා සඳහන් කළේ මෙරට අල ගොවියාගේ නිෂ්පාදනවලට සාධාරණ මිලක් මෙන් ම අඩු ආදායම්ලාභී සමෘද්ධි පවුල් අතට මෙසේ අර්තාපල් බෙදාදීම හරහා නිෂ්පාදකයාටත් අඩු ආදායම්ලාභී පාරිභෝගිකයාටත් සාධාරණයක් ඉටුකිරීමට වත්මන් රජය කටයුතු කර ඇති බවය.
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya