මැයි 11, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    යුරෝපා සංගමය කොටි තහනම ඉවත් කිරීම: ඉදිරි ජනාධිපතිවරණය ඉලක්ක කර සිදුකරන කුමන්ත්‍රණවල ප්‍රතිඵලයක්

    ඔක්තෝබර් 18, 2014

    ඉදිරි ජනාධිපතිවරණය ඉලක්ක කර විදේශීය බලවේග හා කුමන්ත්‍රණ කරුවන් සිදු කරන කටයුතුවල ප්‍රතිඵලයක් වශයෙන් යුරෝපා සංගමය කොටි තහනම ඉවත් කිරීම හා ශ්‍රී ලංකාවේ මත්ස්‍ය අපනයන මිලදී ගැනීම පිළිබඳ ව කොන්දේසි පැනවීම සිදු කළ බව නියෝජ්‍ය කථානායක චන්දිම වීරක්කොඩි මහතා පවසයි.


    ඊයේ (17) ගාල්ල, ඉමදුව ප්‍රදේශයේ පැවති උත්සවයකට සහභාගී වෙමින් නියෝජ්‍ය කථානායකවරයා මේ බව පැවසීය.
     

    මෙහිදී වැඩිදුරටත් අදහස් දැක් වූ නියෝජ්‍ය කථානායකවරයා; "ශ්‍රී ලංකාව දකුණු ආසියාව තුළ හා ආසියානු කලාපය තුළ ළඟා කර ගනිමින් සිටින සීග්‍ර සංවර්ධනය සඳහා මූලික වශයෙන් හේතු වෙලා තියෙන්නේ රට තුළ ස්ථාවර ව පවතින දේශපාලන නායකත්වය වන, අතිගරු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ නායකත්වයයි. අද විදේශීය බලවතුන්ට අවශ්‍ය වෙලා තියෙන්නේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා ව කෙසේ හෝ පරාජයට පත් කරලා ඔවුන්ට අවශ්‍ය විදියට පාලනය කරන්න පුළුවන් පුද්ගලයෙක් රටේ නායකත්වයට ගේන්න.
     

    ඒ සඳහා තබන මූලික පියවර විදියට තමයි පසුගියදා කොටි සංවිධානයේ තහනම ඉවත් කරො අපේ මත්ස්‍ය අපනයනය මිලදී ගැනීම්වලට කොන්දේසි දැම්මෙ. ඉදිරි මාස කිහිපය තුළ දී මේ වගේ තව තවත් සම්බාධක අපේ රටට විදේශීය බලවේග යොමු කරාවි. නමුත් ගමේ මිනිසුන් එක්ක ජීවත් වුණු රටට ආදරය කරන මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාත් එක්ක රටේ බහුතර ජනතාව ඒකරාශී වී සිටින බව ඔය හැම විදේශීය කුමන්ත්‍රණකරුවෙක් ම දන්නවා. ඒ නිසා තමා රටේ ආර්ථිකයට බලපාන විදියට විවිධ බාධක යොදලා රටේ ජනතාවගේ ආර්ථික තත්ත්වයට බලපෑම් කරන්න අද කටයුතු කරන්නේ."


    රටේ දැනට ක්‍රියාත්මක සියලු සංවර්ධන ව්‍යාපෘතිවල ප්‍රතිඵල, ප්‍රතිලාභ රටේ ජනතාවට විඳින්න පුළුවන්කම ලැබෙන්නේ ඉදිරි වසර කිහිපය තුළදී. රටේ යුද්ධය අවසන් කිරීමෙන් අනතුරු ව රට තුළ සාමයේ සතුට මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාගේ නායකත්වය යටතේ වින්දා මෙන් ම එතුමන් සිදු කරන මේ දැවැන්ත සංවර්ධන විප්ලවයේ ප්‍රතිඵල හා ප්‍රතිලාභ ද ඉදිරි වසර කිහිපය තුළ දී එතුමාගේ නායකත්වය යටතේ ම අත්විඳින්නට රටේ බහුතර ජනතාව නැවත වරක් මහින්ද රාජපක්ෂ මැතිතුමා ව ජනාධිපති ධූරයේ ඔසවා තබන අතර එය කිසිදු විදේශ බලවේගයකට නතර කිරීමට හැකියාවක් නොමැති බව ද නියෝජ්‍ය කථානායකවරයා පැවසී ය.

     

    HC

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya