මැයි 12, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පන්නල නගරයේ ඉඩම් අත්පත් කරගැනීම වෙනුවෙන් වන්දි මුදල් ප‍්‍රදානය

    ඔක්තෝබර් 17, 2014
    සංවර්ධනය වේගවත් වීමත් සමඟ සේවා මධ්‍යස්ථාන වශයෙන් පැවති කුඩා නගර ක‍්‍රමයෙන් දියුණු වන බවත් එම තත්ත්වය වේගවත් කිරීම සඳහා රජයේ සංවර්ධන වැඩපිළිවෙළ ඉවහල් වී ඇති බවත් ඛනිජතෙල් කර්මාන්ත අමාත්‍ය අනුර ප‍්‍රියදර්ශන යාපා මහතා පැවසීය. 
     
    ප‍්‍රධාන මාර්ග ජාලය සමඟ ග‍්‍රාමීය මාර්ග සංවර්ධනය වීමත් සමඟ නාගරික මධ්‍යස්ථාන සංවර්ධනය වීමේ වේගය ක‍්‍රමයෙන් වර්ධනය වී ඇති බවත් පාරිභෝගිකයා ආකර්ෂණය කර ගැනීම සඳහා නාගරික සේවා මධ්‍යස්ථාන අතර තරගකාරිත්වයක් නිර්මාණය වී ඇති බවත් ඔහු සඳහන් කළේය. 
     
    අමාත්‍යවරයා මේ අදහස් පළ කරනු ලැබුවේ දංකොටුව, ගිරිඋල්ල මාර්ග සංවර්ධනය ව්‍යාපෘති සඳහා පන්නල නගරයේ ඉඩම් අත්පත් කරගැනීම වෙනුවෙන් වන්දි මුදල් ප‍්‍රදානය කිරීමේ අවස්ථාවට එක්වෙමිනි.  අදියර 03ක් යටතේ වන්දි මුදල් ලබාදීම සිදු කරනු ලබන අතර දෙවන අදියර වශවෙන් රුපියල් 23,277,500.00 මුදලක් වන්දි වශයෙන් අද (16) ප‍්‍රදානය කෙරිණි.
     
    වෙළෙඳපොළ දියුණු කිරීම සඳහා තත්ත්වය ආරක්ෂා කිරීමත් තරගකාරී මිලක් පවත්වා ගැනීමත් ව්‍යාපාරික ප‍්‍රජාව විසින්  සිදු කරනු ලැබිය යුතුයි. නගරය දියුණු කිරීම සඳහා අවශ්‍ය යටිතල පහසුකම් නිර්මාණය කිරීම රජය සහ පළාත් පාලන ආයතන සිදු කරනු ඇත. වෙළෙඳපොළ මිලට වඩා වැඩි මිලක් වන්දි වශයෙන් ලබාදීමට හැකි වූ බවත් රජය සෑම විට ම වැඩි මිලක් වන්දි වශයෙන් ප‍්‍රදානය කර ඇති බවත් පැවසූ අමාත්‍යවරයා වන්දි වශයක් හිමි වූ මුදල් වෙළෙඳ ව්‍යාපාර දියුණු කිරීම සඳහා යොදා ගන්නා ලෙස ද වන්දි හිමියන්ගෙන් ඉල්ලා සිටියේය.
     
    පන්නල ප‍්‍රාදේශීය සභාවේ සභාපති රංජිත් ලංසකාර මහතා ඇතුළු පිරිසක් මේ අවස්ථාවට සම්බන්ධ වූහ. 
     
    NDH

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya