මැයි 12, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    සමහර පාසල්වල විද්‍යාව උගන්වන්නේ වෛද්‍යවරයෙක්, ගණිතය උගන්වන්නේ ඉංජිනේරුවෙක්

    ඔක්තෝබර් 17, 2014


    දෙමළ මාධ්‍ය පාසල්වල ස්වේච්ඡා ගුරුවරු විශාල වශයෙන් ඉන්නවා. සමහර පාසල්වල විද්‍යාව උගන්වන්නේ වෛද්‍යවරයෙක්, ගණිතය උගන්වන්නේ ඉංජිනේරුවෙක්. මේකට විසඳුමක් ඉක්මනට ලබාදීමට කටයුතු කරන බව වයඹ ප්‍රධාන අමාත්‍ය නීතිඥ දයාසිරි ජයසේකර මහතා පැවසීය.

     මහාමාත්‍යවරයා එසේ පැවසුයේ ඊයේ (16) දොඩම්ගස්ලන්ද, තල්ගස්පිටිය අල් අශ්රක් විද්‍යාලයේ 75 වෙනි සංවත්සරය වෙනුවෙන් විද්‍යාලයේ පැවති උත්සවයට සහභාගී වෙමිනි. එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා කියා සිටියේ, මුස්ලිම් ජනතාවට මේ ආණ්ඩුව විශාල වැඩකොටසක් කරලා තියනවා. ජනාධිපතිතුමා සියලු ම ජාතීන්ගේ සමගිය ස්ථාපිත කරමින් වර්ග භේදයකින් තොර ව ඒ ශක්තිය මුස්ලිම් ජනතාව වෙනුවෙන් දෙනවා.

     

    වයඹ පළාතෙත් සිංහල, මුස්ලිම්, දෙමළ, බර්ගර් සියලු ම ජාතීන් ජීවත් වෙනවා. වයඹ ප්‍රධාන අමාත්‍යවරයා විදියට මුස්ලිම් ජනතාව වෙනුවෙන් මම සෑමවිට ම පෙනී සිටිනවා.  ඔවුන්ට  ගැටලුවක් ඇති වෙන්න මම  ඉඩ දෙන්නේ නෑ. ජාතීන් අතර සමගිය රැකෙන ලෙස  මම කැපවෙලා වැඩ කරනවා.  සියලු ම ජාතීන්ගේ ජීවිත එකයි. ජීවිතයක වටිනාකම අඩු වැඩි වෙන්නේ නෑ. අප සියලුදෙනා ශ්‍රී ලාංකිකයෝ. එහෙම හිතුවොත් විතරයි රට දියුණු කරන්න පුළුවන්. අපි සියල්ල සමගියෙන් ඉන්න ඕනේ. ජාතිවාදයෙන් වර්ගවාදයෙන් දියුණු වුණු රටවල් ලෝකයේ කොහෙවත් නෑ. ඒ තැනට තල්ලු වුණ හැමරටක් ම විනාශ වෙලයි නැවතුණේ.


     වයඹ  පළාතේ පාසල් 1237ක අලුත් වැඩසටහනක් විදියට විදුහල්පතිවරුන් සමඟ අධ්‍යාපන මට්ටම නංවාලීමට වැඩපිළිවෙළක් කරගෙන යනවා. මම පළාත් සභාවේ වැඩ බාර ගන්න කොට තිබුණේ රුපියල් මිලියන 1140යි. නමුත් කුරුණෑගල දිස්ත්‍රික්කයේ තමුන්නාන්සේලා මට 336,000ක් ඡන්දය දුන්නේ මම වැඩ කරයි කියන බලාපොරොත්තුවෙන්. ඒ වගකීම මම ඉටු කරනවා. මම වැඩ භාරගන්න දවසෙත් කිව්වා මගේ ඔලුව උඩ ඇතුගල තියනවා වගේ විශාල බරක් තියෙන්නේ කියලා. මේ අවුරුද්දේ අපි විශාල වැඩකොටසක් පටන් ගත්තා. රුපියල් ලක්ෂ 900ක වියදමෙන් පාසල් 216කට ජල පහසුකම් ලබා දුන්නා. දරුවන්ට වැසිකිලි කැසිකිළි යන්න පහසුකම්වත් ඒ පාසල්වල තිබුණේ නෑ. මම පෞද්ගලිකව සොයා බැලුවා. දරුවෝ ඉන්න දෙමව්පියෝ හැටියට ඔබතුමන්ලාට තේරෙනවා ඇති ජලය නැති ව කොපමණ දුකක් විඳිනවද කියලා.දෙසැම්බර් මාසය වන විට ඒ සියල්ල සම්පූර්ණ කරනවා. ඒ වගේ ම පොල් අතු සහිත ගොඩනැගිලි ඇති පාසල් ස්ථීර ගොඩනැගිලි බවට පත් කළා. විශේෂයෙන් පුත්තලම් දිස්ත්‍රික්කයේ අපේ මුස්ලිම් පාසල්වල පොල් අතු සහිත ගොඩනැගිලි තිබුණා. ඒ  ගොඩනැගිලි  ඉවත් කරන වැඩපිළිවෙළ අපි ක්‍රියාත්මක කළා. ඒ වගේ ම ගල්ගමුව, මහව ප්‍රදේශවල පොල්අතු සහිත වහල ඇති ගොඩනැගිලි තිබුණා. අද එම ගොඩනැගිලි එකින් එක ඉවත්වී ගෙන සංවර්ධනය කර ගෙන යනවා.

     

    මේ වගේ පාසල් 46ක් අපි සංවර්ධනය කරනවා. අපේ ආදරණීය මුස්ලිම් ජනතාව ජීවත් වෙන පුත්තලම් දිස්ත්‍රික්කයේ විශාල වැඩකොටසක් කරනවා. ඒ වගේ ම විශාල වශයෙන් බාගෙට ඉදිකරපු ගොඩනැගිලි තියනවා. පුත්තලම් දිස්ත්‍රික්කයේ සමහර පාසල් ගොඩනැගිලිවල පළවෙනි තට්ටුව විතරයි හදලා තියෙන්නේ. දෙවෙනි තුන්වෙනි තට්ටු  අවුරුදු ගාණකින් හදලා නෑ. අපි මේ අවුරුද්දේ පාසල්  ගොඩනැගිලි 172ක් ලබා දීලා තියනවා.  ඒ වගේ ම ගුරුවරු 1200ක් බඳවා ගත්තා. දෙමළ මාධ්‍ය ගුරුවරු 86 දෙනෙක් ඉල්ලලා තියනවා. ඒත් ආවේ අට දෙනයි. ඒ අනුව අ.පො.ස. උසස් පෙළ සමත් දරුවන් ගුරු සහායකයන් ලෙස අපි බඳවා ගන්න වැඩපිළිවෙළක් සකස් කරලා තියනවා.

     

    දෙමළ මාධ්‍ය පාසල්වල ස්වේච්ඡා ගුරුවරු විශාල වශයෙන් ඉන්නවා. සමහර පාසල්වල විද්‍යාව උගන්වන්නේ වෛද්‍යවරයෙක්, ගණිතය උගන්වන්නේ ඉංජිනේරුවෙක්. මේකට විසඳුමක් ඉක්මනට ලබාදීමට මම කටයුතු කරනවා. ජනාධිපතිතුමා ද්විතීයක පාසල් සංකල්පය ගෙනාපුවා ම වයඹ පළාතේ පාසල් 127ක මහින්දෝදය විද්‍යාගාර හැදෙන කොට අපේ ආදරණීය මුස්ලිම් ජනතාව වෙනුවෙන් පාසල් 8ක් වෙන ම වෙන් කළා. ඒ වගේ ම සියඹලගස්කොටුව විද්‍යාලයටත් මහින්දෝදය විද්‍යාගාරයක් ලබාදෙන්න කටයුතු කරනවා.  මුස්ලිම් ජනතාව ජීවත් වෙන්නේ සීමාවුණ ගම් ප්‍රදේශවල. ඒ නිසා ඒ ඒ ගම් ඇතුළේ ප්‍රාථමික පාසල් ඇති කිරීමට කටයුතු කරනවා. ඒ අනුව තෙලියගොන්නේ අලුත් පාසලක් ආරම්භ කරලා තියනවා. මේ කටයුතුවලදී නීතීඥවරයෙක් විදියට මට වකුප් නීතියත් නැවත කියවලා බලන්න සිද්ධ වුණා. පල්ලිය ඇතුලේ විසඳගන්න පුළුවන් දෙයක් තියනවා නම් ඒකට වකුප් නීතිය භාවිත කරන්න අවශ්‍ය නෑ. 

     

    ඒ වගේ ම  අල්  අශ්රක් විද්‍යාලයේ 75 වෙනි සංවත්සරය වෙනුවෙන් ලබන අවුරුද්දේ අලුත් ගොඩනැගිල්ලක් ඉදිකිරීමට අවශ්‍ය පහසුකම් ටික ලබා දෙනවා. මෙහිදී අශ්රක් විද්‍යාලයේ  ඉදි වූ පාසල් පරිපාලන ගොඩනැගිල්ලේ බිම්මහල ප්‍රධාන අමාත්‍යවරයා විසින් සිසු අයිතියට පැවරිණ. මෙම අවස්ථාවට වයඹ පළාත් සභාවේ උප සභාපති ආර්.ඩී. විමලදාස, පළාත් සභා මන්ත්‍රී නාමල් කරුණාරත්න,  උසස් අධ්‍යාපන අමාත්‍යංශයේ ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් වයි.එල්.එම්. නවවි, වයඹ පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂ ජේ.ජී.එන්. තිලකරත්න, අශ්රක් විද්‍යාලයේ විදුහල්පති ඒ.එස්.එම්. ජාබීර්, සිසුන් හා ගුරුවරු, දෙමව්පියවරු ඇතුළු විශාල පිරිසක් සහභාගී වූහ. 

     

    ECB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya