මැයි 11, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    තිසා වැව, නුවර වැව ව්‍යාපාරවල මහ කන්නයේ වගා කටයුතු ආරම්භ කිරීමට පියවර

    ඔක්තෝබර් 17, 2014

    තිසා වැව හා නුවර වැව ව්‍යාපාරයන්ට අදාළ  2014/2015  මහ කන්නයේ වගා කටයුතු එළඹෙන 25 වන දායින් ආරම්භ කරන බව අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් මහින්ද සෙනවිරත්න මහතා පවසයි.

    මේ සම්බන්ධයෙන් තීන්දු ගැනීම සඳහා පවත්වන ලද කන්න රැස්වීම්වල දී  මීට ගොවින්ගේ ද පුර්ණ එකගතාව ලැබී තිබේ. ගෙවුණු මාස කිහිපය  තුළ නියං තත්ත්වයක් පැවැතිය ද කෙමෙන් වර්ෂාව ලැබීමට පටන්ගෙන ඇති නිසා  තිසා වැව, අභය වැව, හාල්පානු ඇළ ව්‍යාපාරවල මෙන් ම නුවර වැව ව්‍යාපරයේ ගොවි කටයුතු සුපුරුදු පරිදි සිදු කිරීමට කන්න රැස්වීම්වල දී යෝජනා විය.තිසා වැව යටතේ  මහ කන්නයක වගා කටයුතු ආරම්භ කිරීමට අක්කර අඩි 2300ක ජල ධාරිතාවක් අවශ්‍ය වුවත් එහි දැනට පවතින්නේ අක්කර අඩි 118ක් පමණි.

     

    නමුත් අවශ්‍ය ජල ධාරිතාව වර්ෂාවත් සමඟ ලැබෙතැයි, අපේක්ෂාවෙන්  වගා කටයුතු ආරම්භ කිරීමට කටයුතු කරන බව  දිස්ත්‍රික් වාරිමාර්ග ඉංජිනේරුවරයා සඳහන් කළේ ය.නුවර වැව ව්‍යාපාරයේ වගා කටයුතු ආරම්භ කිරීමට නම් නුවර වැවෙහි ජල ධාරිතාව අක්කර 35%ක පමණ ප්‍රතිශතයක පැවැතිය යුතුයි. නමුත් දැනට එහි ජල ධාරිතාව 25%කි. එහෙත් තිසා වැව ව්‍යාපාරයේ මෙන් ම එළඹෙන 25 වනදා වගා කටයුතු  ආරම්භ කිරීමට නියමිතයි. තිසා වැවෙන් මුර ජලය නිකුත් කිරීම නොවැම්බර් 21 වනදා සිදු කරන අතර නුවර වැවෙන් මුර ජලය මුදාහැරීම සිදු කරන්නේ, නොවැම්බර් 23 වනදායි. අවශ්‍ය තරම් වැසි ජලය නොලැබුණ හොත් කලා වැව හරහා මහවැලි ජලය ලබාගැනීමට ද කටයුතු යොදා ඇති බව  දිස්ත්‍රික් ලේකම් මහින්ද සෙනවිරත්න මහතා සඳහන් කළේ ය.

     

    එමෙන් ම  දේශීය වී වගාව ව්‍යාප්ත කිරීමට මෙම වසරේ දී විශේෂ උනන්දුවක් දැක්විය යුතු බවට ද  දිස්ත්‍රික් ලේකම්වරයා විසින්  ගොවීන් දැනුවත් කරන ලදී.


    ECB/SB_dmu_Anuradhapura

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya