මැයි 11, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    නේෂන් ට්‍රස්ට් 86 වන ශාඛාව කෑගල්ලට

    ඔක්තෝබර් 17, 2014
    මෙරට මෙන් ම පිටරට වාණිජ බැංකු ද රටේ අගනුවර සහ ප්‍රධාන නගරවලට අමතර ව උප නගරයක් පාසා තම ශාඛා පද්ධතිය ව්‍යාප්ත කිරීම හරහා පෙනී යන්නේ මෙරට ආර්ථිකය දැවැන්ත සංවර්ධන වැඩපිළිවෙළකට දායක වී ඇති බව යැයි සබරගමු මහ ඇමති මහීපාල හේරත් මහතා සඳහන් කරයි. 
     
    ඔහු එසේ සඳහන් කළේ ඊයේ (16) කෑගල්ල නගරයේ නේෂන් ට්‍රස්ට් බැංකු ශාඛාව විවෘත කිරීමෙන් පසු අදහස් දක්වමිනි.
     
    එය නේෂන් ට්‍රස්ට් බැංකු ශාඛාවේ මෙරට 86 වන ශාඛාව වන අතර මේ වසර තුළ පමණක් එම බැංකුව විවෘත කළ 14 වන ශාඛාව කෑගල්ල ශාඛාව යැයි එම අවස්ථාවට එක්වූ එකී බැංකුවේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (ශාඛා) සංජය පෙරේරා මහතා කීය.
     
    මෙහිදී මහ ඇමතිවරයා සඳහන් කළේ මෙතෙක් කෑගල්ලට අඩුපාඩුවක් ව පැවති නේෂන් ට්‍රස්ට් බැංකුව විවෘත වීමත් සමඟ කෑගල්ල නගරයේ දී මෙරට සෑම ප්‍රධාන වාණිජ බැංකුවක ම සේවය ලබාගැනීමට පාරිභෝගිකයින්ට අවස්ථාව උදා වී ඇති බවය. 
     
    "අද රට පුරා වාණිජ බැංකු විවෘත වෙනවා. රට ආර්ථික වශයෙන් නැගී සිටින බවට මෙතරම් ජීවමාන සාක්ෂියක් නැති තරම්. ආර්ථිකය කඩා වැටෙන්නේ නම්, විශේෂයෙන් වාණිජ බැංකු රට පුරා මෙරට තම ශාඛා ජාලය ක්‍රියාත්මක කිරීමට කටයුතු කරන්නේ නැහැ".
     
    එක් කළෙක මෙරට රාජ්‍ය බැංකු පවා කඩා වැටීමේ අවධානයක් මතු ව තිබුණා. තවත් කළෙක තුණ්ඩු කෑල්ලකට පවා හිටිවන ම බැංකු වසා දැමීමේ යුගයක් ඇතැම් කල්ලි මේ රටේ ක්‍රියාත්මක කළා. එහෙත් අද රට පුරා දක්නට ඇති මෙම ආර්ථික සංවර්ධනය 
    ජනාධිපතිවරයා මෙන් ම මුදල් අමාත්‍යවරයා ද වන මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ මනා 
    ආර්ථික කළමනාකරණයේ ප්‍රතිඵල බවද මහ ඇමතිවරයා කීය.
     
    මෙම අවස්ථාවට කෑගල්ල නගරාධිපති ජී.කේ. සමරසිංහ, කෑගල්ල ප්‍රාදේශීය සභාවේ සභාපති උපාලි දිසානායක, කෑගල්ල ශාඛා කළමනාකරු උපුල් වලිසුන්දර යන මහත්වරු ද සහභාගී වූහ.
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya