මැයි 11, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    සියලු ම අධිවේගී මාර්ග 2018 වන විට නිම කරනවා

    ඔක්තෝබර් 17, 2014
    2018 වන විට සියලු ම අධිවේගී මාර්ග නිම කරන බවත් වැඩ කිරීමට ස්ථීර ආණ්ඩුවක් තිබිය යුතු බවත් ඒ ශක්තිය ජනාධිපතිතුමාට තිබෙන බවත් වයඹ ප්‍රධාන අමාත්‍ය නීතිඥ දයාසිරි ජයසේකර මහතා පැවසීය. 
     
    අමාත්‍යවරයා එසේ ප්‍රකාශ කළේ අද (17)  අමාත්‍යතුමාගේ සංකල්පය පරිදි නාගරික සංවර්ධන අධිකාරිය සහ පොල්ගහවෙල ප්‍රාදේශීය සභාවේ සහභාගිත්වයෙන් පොල්ගහවෙල දුම්රිය ස්ථානය අසළ යතුරු පැදි 900ක ප්‍රමාණයක් ගාල් කළ හැකි රථගාල ඉදිකිරීමේ මුල් ගල තැබීමේ අවස්ථාවට සහභාගී වෙමිනි.
     
    "මම ජනාධිපතිතුමා, ආරක්ෂක ලේකම්තුමා, ජයරත්න හේරත් ඇමතිතුමා සහ නගරාධිපතිතුමා එක්ක සාකච්ඡා කරලා කුරුණෑගල සංවර්ධන වැඩ ආරම්භ කළා. අද අති දැවැන්ත සංවර්ධනයක් කුරුණෑගල නගරයේ සිද්ධ වෙනවා. රුපියල් මිලියන 270කට වැඩි ප්‍රමාණයක් කුරුණෑගල  වැව රවුම සංවර්ධනයට වියදම් කරලා තියනවා. දෙසැම්බර් මාසය වනවිට තැන් තැන්වල තිබුණු අක්‍රමවත් නවාතැන් අවසන් වෙනවා. කිලෝ මීටර හතරක විතර මංතීරු සකස් කරනවා".  
     
    "රුපියල් මිලියන 150ක වියදමෙන් තිත්තවැල්ල  වැව සංවර්ධනය කරනවා. ඒ වෙනුවෙන් නාගරික සංවර්ධන අධිකාරියේ නිලධාරීන් සහ වගා  බිම් ගොඩ කිරීමේ මණ්ඩලයේ නිලධාරීන් විශාල සහයෝගයක් දෙනවා.  තිත්තවැල්ල වැව අසල තවත් වැව් තුනක් ඉදිවෙනවා. සමහර වෙලාවට මට චෝදනා එනවා වැව් ගොඩකරනවා කියලා. නමුත් වැව් සංවර්ධනය වෙනවා කියලා එයාලා දන්නේ නෑ. ඉස්සර කුරුණෑගල වැවට තමයි හැම ජරාවක් ම ආවේ. ඒ වතුර තමයි ජනතාව භාවිත කළේ. නමුත් අද වැව ජනතාවට ප්‍රයෝජන ගත හැකි අයුරින් සංවර්ධනය වෙලා තියනවා. ඒ වගේම නාවින්න රෝහල අසල ඇති කුඹුර දේශීය වගාවට ගැළපෙන පරිදි සංවර්ධනය කරනවා.  එම ස්ථානයේ ඇවිදින මංතීරුවක් හදනවා".  
     
    කුරුණෑගල විල්ගොඩ ප්‍රදේශයේ පැල්පත් ඉවත් කොට රුපියල් මිලියන 1505ක වියදමෙන් නිවාස සංකීර්ණයක් හැදීමට කටයුතු කරන බවත් පෙන්වා දුන් ප්‍රධාන අමාත්‍යවරයා කුරුණෑගල වැව රවුම අවට ඇති පැල්පත් ඉවත් කොට ඔවුන්ට නිවාස ලබාදීමට වැඩපිළිවෙළක් සකස් කරන බවත් පෙන්වා දුන්නේය. 
     
    ගලේවෙල හරහාත්, රඹුක්කන හරහාත් කුරුණෑගල හරහාත්, අධිවේගී මාර්ගය ඉදිකිරීමට 
    කටයුතු කරන බවත් ඉදිරි අවුරුදු 6ක කාලයක් ජනාධිපතිතුමා මේ රට අති දැවැන්ත ලෙස 
    සංවර්ධනය කරන බවත් ප්‍රධාන අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේය.
     
    මෙම අවස්ථාවට පොල්ගහවෙල ආසන සංවිධායක පළාත් සභා මන්ත්‍රී ටිකිරි අධිකාරි, පොල්ගහවෙල ප්‍රාදේශීය සභාවේ සභාපති ලිවේරා ගුණතිලක, උප සභාපති ලයනල් රාජපක්ෂ, සියලු ම ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන්, නාගරික සංවර්ධන අධිකාරියේ පළාත් අධ්‍යක්ෂ ඩබ්.ජේ. සෙනවිරත්න ඇතුළු විශාල පිරිසක් සහභාගි වූහ.
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya