මැයි 11, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ශ්‍රීලනිප සවිබල ගන්වන නියෝජිත සමුළු 494ක් අවසන්

    ඔක්තෝබර් 17, 2014
    රට රකින නිල් පවුර - සුරකිමු මව්බිම තේමාව යටතේ ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ මග පෙන්වීම මත ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ආසන මට්ටමෙන් ක්‍රියාත්මක කරන සම්මේලන මාලාව යටතේ මේ වන විට පක්‍ෂ නියෝජිත, කාන්තා සහ තරුණ සමුළු 494ක් ඊයේ (17) වන විට පවත්වා තිබේ.
     
    ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඉදිරි ගමන් මග සහ රටත්, ජනතාවත් සමීප කරුණු රැසක් සාකච්ඡාවට ලක් කළ මෙම වැඩසටහන යටතේ ආසන නියෝජිත සම්මේලන 138ක් ද, කාන්තා නියෝජිත සම්මේලන ආසන 124ක් ද, තරුණ සම්මේලන 232ක් ආසන 45ක ද පවත්වා තිබේ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ඉතිහාසය තුළ වඩාත් ආකර්ෂණීය සහ අතිවිශාල සාමාජික සහභාගිත්වයකින් යුත් මෙම නියෝජිත සමුළු පක්‍ෂය අපේක්ෂිත සංඛ්‍යාවටත් වඩා විශාල ජන සහභාගිත්වයක් ලැබී තිබිණි. 
     
    ආසන සම්මේලන සහ කාන්තා නියෝජිත සම්මේලන සඳහා එක් රැස්වීමට 3,000කට ආසන්න පිරිසක් සහභාගි වී ඇති අතර මැතිවරණ කොට්ඨාස 138ක එම සම්මේලන සඳහා සහභාගි වූ මුළු සංඛ්‍යා 316,505කි. කාන්තා නියෝජිත සමුළු 124 සඳහා සහභාගි වූ සංඛ්‍යා 265,555කි. ආසන 45ක තරුණ සමුළු සඳහා සහභාගි වූ සංඛ්‍යාව 228,090කි. ශ්‍රීලනිප ප්‍රධාන අනු සංවිධාන වන කාන්තා, තරුණ අමතර ව පැවිදි, නීතිඥ, ගුරු, ගොවි, ආයුර්වේද වෛද්‍ය, ඇතුළු සංවිධාන ද මෙම වැඩසටහන යටතේ ප්‍රතිසංවිධානය කර තිබේ.
     
    ශ්‍රීලනිප සාමාජිකයන් බඳවා ගැනීමේ නිල් රැල්ල වැඩසටහන ඉකුත් වසරේ දී එහි ජාතික සංවිධායක බැසිල් රාජපක්‍ෂ මහතාගේ මෙහෙයවීමෙන් පැවති අතර එහි දී ලක්ෂ 23ක් ශ්‍රීලනිපයෙන් නව සාමාජිකයන් සාමාජිකත්වය ලබාගනු ලැබීය. එය අපේක්ෂිත ඉලක්කය මෙන් දෙගුණයකි. 
     
    දැනට පැවැත් වූ නියෝජිත සම්මේලන මාලාවේ පක්ෂය වෙනුවෙන් මුලසුන හොබවන ලද කණ්ඩායමේ නායකයන් වශයෙන් අමාත්‍යවරුන් වන මෛත්‍රිපාල සිරිසේන, නිමල් සිරිපාල ද සිල්වා, සුසිල් ප්‍රේමජයන්ත සහ ඩලස් අලහප්පෙරුම යන මහත්වරුන් කටයුතු කරන ලදී. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වෙනුවෙන් සහභාගිවූ පක්ෂයේ නිලධාරි කණ්ඩායම වශයෙන් අමාත්‍යවරුන් වන මහීපාල හේරත්, විජයමුණි සොයිසා, ජෝන් සෙනෙවිරත්න, අනුර යාපා, පවිත්‍රා වන්නිආරච්චි, රංජිත් සියඹලාපිටිය, සී.බී. රත්නායක සහ ජගත් පුෂ්පකුමාර යන මහත්ම මහත්මීහු සහභාගී වූහ. මෙම නියෝජිත සමුළු 138 සම්බන්ධීකාරකවරු වශයෙන් 18 දෙනෙකු එක් ව සිටියහ.
     
    නියෝජිත සම්මේලන 138 පක්ෂය වෙනුවෙන් කථිකයන් ලෙස අමාත්‍යවරුන් වන එස්.බී. දිසානායක, ටී.බී. ඒකනායක, මහින්දානන්ද අලුත්ගමගේ, ඩිලාන් පෙරේරා, ෆීලික්ස් පෙරේරා, මහින්ද අමරවීර, සාලින්ද දිසානායක, ජයරත්න හේරත්, රෝහිත අබේගුණවර්ධන, ජොන්ස්ටන් ප්‍රනාන්දු, ප්‍රධාන අමාත්‍යවරුන් වන ශාන් විජේලාල්, සරත් ඒකනායක, දයාසිරි ජයසේකර ද, නියෝජ්‍ය කතානායක චන්දිම වීරක්කොඩි, නියෝජ්‍ය අමාත්‍යවරුන් වන නන්දිමිත්‍ර ඒකනායක, ලලිත් දිසානායක, එච්.ආර්. මිත්‍රපාල, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ශාන්ත බණ්ඩාර, රංජිත් ද සොයිසා, සුදර්ශනී ප්‍රනාන්දු පුල්ලේ, ජනක වක්කුඹුර, ජනක බණ්ඩාර, අරුන්දික ප්‍රනාන්දු, මනූෂ නානායක්කාර, ෂෙහාන් සේමසිංහ, එරික් වීරවර්ධන යන මහත්ම මහත්මීහු 26 දෙනෙක් සහභාගි වූහ. 
     
    මැති ඇමතිවරුන් ප්‍රමුඛ කථිකයන්ට අමතර ව බුද්ධිමතුන්, සරසවි ආචාර්යවරුන්, නීතිඥවරුන්, ආයතන ප්‍රධානීන් ඇතුළු වෘත්තීයවේදීන් විශාල පිරිසක් ද දේශන පවත්වන ලදී.
     
    ශ්‍රී ලංකා නිදහස් පක්ෂ කාන්තා ආසන නියෝජිත සම්මේලන 124 සඳහා සම්බන්ධීකාරිකවරියන් 18 දෙනෙකු කණ්ඩායම් 06ක් යටතේ කටයුතු කරන ලදී. එම කාන්තා නියෝජිත සම්මේලනවල දේශකවරියන් ලෙස පවිත්‍රා වන්නිආරච්චි, සුමේධා ජයසේන, නිරූපමා රාජපක්ෂ, සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ, කමලා රණතුංග, මාලනි ෆොන්සේකා, උපේක්ෂා ස්වර්ණමාලි යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන් ද පළාත් සභා මන්ත්‍රීවරියන් 11 දෙනෙකු ද, පළාත් පාලන ආයතන සභාපතිනියන් 2 ඇතුළු කිහිප දෙනෙක් ම කටයුතු කරන ලදී. 
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya