මැයි 11, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පොලිස් රාජකාරී සඳහා යතුරු පැදි 1000ක්

    ඔක්තෝබර් 17, 2014
    මහජනතාව සහ පොලිසිය අතර පවතින සබඳතාව වර්ධනය කිරීම උදෙසා පොලිස් සේවයේ කාර්යක්‍ෂමතාව ඉහළ නැංවීමේ අරමුණින් දිවයිනේ පිහිටි සියලු ම පොලිස් ස්ථාන වෙත යතුරු පැදි 1000ක් ප‍්‍රදානය කිරීම ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්‍ෂ මහතාගේ ප‍්‍රධානත්වයෙන් පසුගිය දින බම්බලපිටිය පොලිස් ක්ෂේත්‍ර බලකා මූලස්ථානයේ දී සිදුවිය.
     
    දිවයිනේ පිහිටි පොලිස් ස්ථාන 438 හි ඇති විවිධ පැමිණිලි අංශ සහ අපරාධ බුද්ධි තොරතුරු ලබාගැනීම සම්බන්ධයෙන් නියැළී සිටින පොලිස් විශේෂ කාර්යය ඒකක සඳහා මෙම යතුරු පැදි ප‍්‍රදානය කරනු ලැබීය. 
     
    මෙම අවස්ථාවට නීතිය හා සාමය ක‍්‍රියාත්මක කිරීමේ අමාත්‍යාංශයේ ලේකම් මේජර් ජෙනරල් නන්ද මල්ලවආරච්චි, පොලිස්පති එන්.කේ. ඉලංගකෝන්, ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ගාමිණී නවරත්න මහතා ඇතුළු පොලිස් නිලධාරීහු විශාල පිරිසක් සහභාගී වූහ. 
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya