මැයි 12, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    නගමු පුරවර තෙවැනි අදියරට මිලියන 698ක්

    ඔක්තෝබර් 18, 2014
    නගමු පුරවර - 2014 තෙවැනි අදියර යටතේ මහල් නිවාස සංකීර්ණ 12ක ප්‍රතිසංස්කරණ කටයුතු කිරීම වෙනුවෙන් රුපියල් මිලියන 698.95ක් වෙන් කොට ඇත.
     
    ඒ අනුව සෝන්ඩර්ස් පෙදෙස නිවාස ක්‍රමය සඳහා රුපියල් මිලියන 18.01ක්, ඇන්ඩර්සන් නිවාස ක්‍රමය සඳහා රුපියල් මිලියන 360.50ක්, 117 වත්ත - ඇල්විටිගල අඩු ආදායම් නිවාස ක්‍රමය සඳහා රුපියල් මිලියන 23.42ක්, කඳවල වත්ත නිවාස ක්‍රමය සඳහා රුපියල් මිලියන 27.25ක්,  වැල්ලවත්ත මයුර පෙදෙස නිවාස ක්‍රමය සඳහා රුපියල් මිලියන 7.73ක්, ටොරින්ටන් නව නිවාස ක්‍රමය IV අදිරය සඳහා රුපියල් මිලියන 7.70ක්,  797 වත්ත නිවාස ක්‍රමය සඳහා රුපියල් මිලියන 49ක්, විපුලසේන මාවත නිවාස ක්‍රමය සඳහා රුපියල් මිලියන 19.73ක්, මහවත්ත කාණු පද්ධතිය සැකසීම වෙනුවෙන් 7.47ක්, කොල්ලුපිටිය ශාන්ත අන්තෝනි නිවාස ක්‍රමය සඳහා රුපියල් මිලියන 12.83ක්, මත්තේගොඩ නිවාස ක්‍රමය සඳහා රුපියල් මිලියන 141.16ක්, රන්පොකුණුගම නිවාස ක්‍රමයේ මළ පිරිපහදු පද්ධතිය නිම කිරීම සඳහා රුපියල් මිලියන 24.15ක් මුදල් වෙන් කොට ඇත.
     
    මෙම ප්‍රතිසංස්කරණ කටයුතු රාජ්‍ය ඉංජිනේරු සංස්ථාව සහ රාජ්‍ය සංවර්ධන හා නිර්මාණ 
    නීතිගත සංස්ථාව විසින් සිදු කරනු ලබයි.
     
    නගමු පුරවර - 2014 මහල් නිවාස නවීකරණය හා යටිතල පහසුකම් ප්‍රතිසංස්කරණය සඳහා ජාතික නිවාස සංවර්ධන අධිකාරියට ව්‍යාපෘති 27ක් සඳහා රුපියල් මිලියන 1878ක් අමාත්‍ය මණ්ඩලය අනුමත කොට ඇත.
     
    DB
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya