මැයි 12, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මට්ටක්කුලිය, කදිරාන වත්ත, ජන සෙවණ ප්‍රජා ශාලාව ජනතා අයිතියට

    ඔක්තෝබර් 17, 2014
    කොළඹ 13, මට්ටක්කුලිය, කදිරාන වත්ත, එකමුතුපුර නිවාස ව්‍යාපෘතියේ පිහිටි “ජන සෙවණ එකමුතුපුර ” ප්‍රජා ශාලාව රුපියල් ලක්ෂ 15 කට අධික වියදමින් පූර්ණ ප්‍රතිසංස්කරණය කර ජනතා අයිතියට පත්කිරීම  ඉදිකිරීම්, ඉංජිනේරු සේවා, නිවාස හා පොදු පහසුකම් අමාත්‍ය විමල් වීරවංශ මහතාගේ ප්‍රධානත්වයෙන් හෙට (18) දින ප.ව. 
    3.00 ට සිදුකිරීමට නියමිතය. 
     
    මහින්ද චින්තන ඉදිරි දැක්ම අනුව විමල් වීරවංශ අමාත්‍යවරයාගේ  උපදෙස් මත ක්‍රියාත්මක වන “ජන සෙවණ” නිවාස හා ජනාවාස සංවර්ධන මෙහෙයුමට සමඟාමී ව “නගමු පුරවර” වැඩසටහන යටතේ මෙහි ප්‍රතිසංස්කරණ කටයුතු සිදුකර තිබේ.
     
    වසර 20 කට පසු රුපියල් ලක්ෂ 15 කට අධික වියදමින් ජන සෙවණ එකමුතුපුර ප්‍රජා ශාලාව ප්‍රථම වතාවට ප්‍රතිසංස්කරණයට ලක්වන්නේ ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ මෙහෙයවීමෙනි.
     
    මට්ටක්කුලිය, කදිරානවත්ත නිවාස ව්‍යාපෘතියේ අදියර 7ක් යටතේ පදිංචි පවුල් 736ක් සඳහා මෙම ප්‍රජා ශාලාවෙන් ප්‍රයෝජන රැසක්  හිමි වේ. නව කාර්යාල කාමරයක් ද සහිත ප්‍රජා ශාලාව පූර්ණ ප්‍රතිසංස්කරණය කිරීමට අමතරව යාබදව පිහිටි කුඩා ප්‍රමාණයේ ක්‍රීඩා පිටියක් හා ළමා උද්‍යානයක් ද සංවර්ධනය කර ඇත. මෙම ප්‍රජා ශාලාව තුළ පෙර පාසලක් හා ඉස්ලාම් දහම් පාසලක් පවත්වාගෙන යන අතර ඊට සුදුසු පරිදි මෙහි ප්‍රතිසංස්කරණ කටයුතු සිදුකර තිබේ. 
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya