මැයි 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    දෙසතියක දී ඩෙංගු රෝගීන් 545ක්

    ඔක්තෝබර් 15, 2014

    මෙම මාසයේ ගත වූ දින 14ක කාලය තුළ දී දිවයිනේ ඩෙංගු රෝගීන් 545 දෙනකු වාර්තා වී ඇතැයි වසංගත රෝග විද්‍යා අංශය පවසයි. 


    මෙම රෝගීන්ගෙන් 79 දෙනකු වාර්තා වී ඇත්තේ කොළඹ නගරයෙනි. ඒ අතර මට්‌ටක්‌කුලිය, තොටළඟ‌ (උතුර) කොටුව හා කුරුඳුවත්ත යන ප්‍රදේශවලින් වැඩි වශයෙන් ඩෙංගු රෝගීන් වාර්තා වේ.

     

    2014 ජනවාරි  සිට ඔක්‌තෝබර් 14 දින දක්‌වා කාල සීමාවේදී දිවයිනෙන් ඩෙංගු රෝගීන් 32,451 දෙනකු වාර්තා වී තිබේ. ඉන් 10,709 දෙනකු ම වාර්තා වී ඇත්තේ කොළඹ දිස්‌ත්‍රික්‌කයෙනි.

    මේ දිනවල පවතින කඩින්කඩ වර්ෂාව හේතුවෙන් ඩෙංගු රෝගය ශීඝ්‍රයෙන් පැතිර යාමේ අවදානමක්‌ මතු ව ඇති අතර තම නිවස හා ගෙවත්තෙහි පවතින ඩෙංගු මදුරු කීටයන් බෝවන ස්‌ථානයන් විනාශ කර දමා අවට පරිසරය ශුද්ධ පවිත්‍ර ව තබා ගන්නා ලෙස ද වසංගත රෝග විද්‍යා අංශය මහජනතාවගෙන් ඉල්ලා සිටී.

    NDH

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya