මැයි 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මුලතිව්හි නව ඇඟලුම් කම්හලක ඉදිකිරීම් ඇරඹෙයි

    ඔක්තෝබර් 15, 2014
    ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ රෙදිපිළි නිෂ්පාදන සමාගමක් වන හයිඩ්‍රාමනී සමූහය මුලතිව්හි තරුණ තරුණියන් සවිබල ගැන්වීමේ අරමුණින් තම ශාඛාවක් මුලතිව්හි පුදුකුඩුඉරිප්පුහි ආරම්භ කිරීම සඳහා මුල් ගල් තැබීම පසුගිය දා සිදු විය.
     
    මුලතිව් ආරක්ෂක බලකා මූලස්ථානයේ අණ දෙන නිලධාරි මේජර් ජෙනරාල් ජගත් ඩයස්ගේ මූලිකත්වයෙන් 683 බල සේනා මූලස්ථානයේ දී හැකියා සහිත අයදුම්කරුවන්ගෙන් කැඳවීම් සිදු කළ අතර ඉන් අනතුරු ව පැවැති සම්මුඛ පරීක්ෂණ සඳහා 160ක් පමණ සහභාගි වූහ. මේ අතුරින් තෝරා ගත් පිරිසට මාස දෙකක පුහුණුවක් ලබා දේ.
     
    මෙම ප්‍රදේශයේ කර්මාන්ත ශාලාව පිහිටුවා අවසන් කිරීමෙන් අනතුරුව දහස් ගණනක් තරුණ තරුණියන්ට රැකියා අවස්ථා හිමිවනු ඇත. 
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya