මැයි 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    දිවි නැගුම 06වැනි අදියරට ගාල්ල සූදානමින්

    ඔක්තෝබර් 15, 2014
    දිවි නැගුම ජාතික ව්‍යාපාරයේ 06වැනි අදියර එළැඹෙන 20දා දිවයින පුරා ආරම්භ කෙරෙන අතර ගාල්ල දිස්ත්‍රික්කයේ 06වැනි අදියර ආරම්භ කිරීම වෙනුවෙන් සියලු කටයුතු සූදානම් බව ගාල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලය සඳහන් කරයි.
     
    ඒ අනුව ග්‍රාමීය කමිටු හරහා රෝපණ ද්‍රව්‍ය මෙන් ම අවශ්‍ය දැනුම ලබාදීම මේ වන ආරම්භ කොට ඇතැයි ද සඳහන් කරයි.
     
    දිවි නැගුම 6වැනි අදියරට සමගාමී ව ගාල්ල දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 16හි ග්‍රාම නිලධාරී වසම් 896 වෙනුවෙන් පලතුරු පැළ 89,600ක්, එක් වසමකට කතුරු මුරුංගා පැළ 75 බැගින් පැළ 67,200ක්, පොල් පැළ 75,000ක්, කුකුල් පැටවුන් 2140ක්, බීජ කට්ටල 132,000ක් ලබාදීමට කටයුතු යොදා ඇත. මීට අමතර ව ඔසුපැළ හා බහු වාර්ෂික බෝග පැළ ද ලබාදීමට කටයුතු යොදා ඇත. 
     
    දිවි නැගුම 6වැනි අදියර ගාල්ල දිස්ත්‍රික් උත්සවය දිස්ත්‍රික් ලේකම්වරයාගේ ප්‍රධානත්වයෙන්  මෙන් ම ග්‍රාම සේවා වසම් මට්ටමින් ද සමාරම්භක උත්සව පැවැත්වීමට නියමිත බවද දිස්ත්‍රික් ලේකම් කාර්යාලය වැඩිදුරටත් සඳහන් කරයි.
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya