මැයි 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    උතුර සංවර්ධනයට බිලියන 400ක්

    ඔක්තෝබර් 15, 2014
    උතුරු පළාතේ යාපනය, කිලිනොච්චිය, මුලතිව්, මන්නාරම සහ වවුනියාව දිස්ති‍්‍රක්ක පහේ ලක්ෂ 12ක් වන ජනතාවගේ සුබසාධනය වෙනුවෙන් 2009 - 2013 කාල සීමාව තුළ රජය රුපියල් බිලියන 400කට ආසන්න මුදලක් වැය කර තිබේ.
     
    මේ යටතේ දිස්ති‍්‍රක් මට්ටමින් රුපියල් බිලියන 185ක් ආයෝජනය කර ඇති අතර ජාතික මාර්ග, ජල සම්පාදනය, වාරිමාර්ග යනාදි ආයෝජන සඳහා රුපියල් බිලියන 200කුත් රාජ්‍ය සේවක වැටුප් සඳහා රුපියල් බිලියන 12කුත් වැය කර තිබේ.
     
    ත‍්‍රස්තවාදය අවසන් කිරීමෙන් පසු ව උතුරු පළාතේ මාර්ග සංවර්ධනය සඳහා රජය රුපියල් මිලියන 80,000ක් වැය කර ඇති අතර යාපනය දිස්ති‍්‍රක්කයේ පමණක් මාර්ග සංවර්ධනයට රුපියල් මිලියන 34,000ක් වැය කර තිබේ.
     
    මන්නාරම දිස්ති‍්‍රක්කයේ කෘෂිකර්ම, කර්මාන්ත හා සංචාරක, නැවත පදිංචි කිරීම්, ප‍්‍රවාහන යනාදි ක්ෂේත‍්‍රයන් සඳහා 2009 - 2013 කාලයේ රුපියල් මිලියන 22414ක් වැය කර ඇති අතර කිලිනොච්චිය දිස්ති‍්‍රක්කයේ සමස්ත ආයෝජනය රුපියල් මිලියන 60259 කි. 
     
    මුලතිව් දිස්ති‍්‍රක්කයේ අධ්‍යාපනයට රුපියල් මිලියන 1125ක්, සෞඛ්‍යයට රුපියල් මිලියන 5965ක්, විදුලියට රුපියල් මිලියන 1457, වාර්මාර්ග සහ ජල සම්පාදනයට රුපියල් මිලියන 1380ක් යනාදී වශයෙන් වැය කර තිබේ.
     
    උතුරු පළාතේ දුම්රිය මාර්ග නැවත ඉදිකිරීමේ කටයුතු සඳහා ඇමෙරිකානු ඩොලර් මිලියන 800ක පමණ මුදලක් වැය කෙරෙන අතර ඕමන්තේ සිට යාපනය දක්වා දුම්රිය ගමනාගමනය දැනටමත් ආරම්භ කර තිබේ.
     
    ත‍්‍රස්තවාදය පැවති සමයේ සියයට 43ක් ව පැවති උතුරේ විදුලි සැපයුම මේ වන විට සියයට 90.5 දක්වා ඉහළ දමා ඇති අතර ත‍්‍රස්තවාදී යුද්ධය නිමාවීමෙන් පසු ව පවුල් 55,000කට නොමිලේ විදුලිය සැපයීමට රජය රුපියල් මිලියන 1800ක් වැය කොට ඇත.
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya