මැයි 21, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    දිවි නැඟුම හය වන අදියර කෑගල්ලේ සාර්ථක ව ක්‍රියාත්මක කිරීමට පියවර

    ඔක්තෝබර් 15, 2014
    දිවි නැඟුම ජාතික වැඩසටහන හය වන අදියර කෑගලු දිස්ත්‍රික්කය තුළ  සාර්ථක ව ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය කටයුතු මේ වන විට සැලසුම් කර ඇති බව කෑගල්ල දිස්ත්‍රික් ලේකම් තුසිත පී. වනිගසිංහ මහතා පවසයි.
     
    ආර්ථික සංවර්ධන අමාත්‍යංශයේ මගපෙන්වීම යටතේ පවුලේ ආර්ථිකය හා පෝෂණය වැඩිදියුණු කරන ගෘහ ආර්ථික ඒකක විසිහත් ලක්ෂයක් සවිබල ගැන්වීම මෙම ජාතික වැඩසටහනේ ප්‍රධානත ම අරමුණයි.
     
    කෑගල්ල දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 11 ම ආවරණය වන පරිදි ග්‍රාම නිලධාරි වසම් 573   තුළ ම දිවි නැඟුමෙන් රට නගමු යන අරමුණින් මෙවර දිවි නැඟුම හය වන අදියර ක්‍රියාත්මක කෙරේ.
     
    මේ මස 20 දින පෙ.ව 10.07ට එළඹෙන සුබ මොහොතින් මෙම වැඩසටහන ආරම්භ කෙරෙන අතර, එළවළු බීජ, පලතුරු, පොල්, සුළු අපනයන බෝග, ස්ථිර වැවිලි බෝග, ඔසු පැළ වර්ග රෝපණය හා ධීවර හා පශු යන අංශ ඇතුළත් ව ගෘහ ඒකක බලගැන්වීම මෙහි දී සිදු කෙරේ.
     
    දේශපාලන නායකත්වය, රාජ්‍ය නිලධාරීන් ඇතුළු සියලුදෙනා ම එක්ව කෑගල්ල දිස්ත්‍රික්කය තුළ මෙම ජාතික වැඩසටහන සාර්ථකව ක්‍රියාත්මක කිරීමට පෙළ ගැසීම අප සැම ලැබූ ජයග්‍රහණයක් බව මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ දිස්ත්‍රික් ලේකම් තුසිත පී. වනිගසිංහ මහතා පැවසීය.
     
    ECB/LT/DP_dmu_Kegalle

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya