මැයි 21, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    "බන්දුල පෙතියා" සංරක්ෂණයට මධ්‍යස්ථානයක්

    ඔක්තෝබර් 15, 2014
    කොළඹ විශ්වවිද්‍යාලයේ සත්වවිද්‍යා අංශය ඒ වන විටත් ලොවට ම සිටි සියයක් පමණ වූ "බන්දුල පෙතියා" මත්ස්‍යයා ආරක්ෂා කොට සුරක්ෂිත ව මතු පරපුරට දායාද කිරීම සඳහා එම මත්ස්‍ය ගහනය වර්ධනය කිරීමේ වැඩපිළිවෙළක් දැදිගම මැතිවරණ කොට්ඨාසයේ රන්බිඩිගල හපුගොඩ අල්පිටිය ගම්මාන කේන්ද්‍ර කර ආරම්භ කොට ඇත.
     
    ස්වභාවදහම් සංරක්ෂණය අන්තර්ජාතික සංගමය (IUCM)කොළඹ විශ්වවිද්‍යාලය සමඟ එක්ව තම ගම්මානයට පමණක් ආවේණික මෙම කුඩ මසුන් ආරක්ෂා කිරීමට සහ බෝ කිරීමේ කටයුත්තට එම ගම්වාසීන් ද ස්වෙච්ඡාවෙන් දායක වෙති.
     
    එම පර්යේෂණ කටයුතු විධිමත්ව සහ පුළුල් ව සිදුකිරීම සඳහා බන්දුල පෙතියා පර්යේෂණ මධ්‍යස්ථානය නමින් කුඩා ගොඩනැගිල්ලක් පසුගියදා සබරගමු මහ ඇමති මහීපාල හේරත් මහතා අතින් විවෘත විය.
     
    එම ගොඩනැගිල්ල ඉදිකිරීම සඳහා බරපැන ටොයෝටා සමාගමේ අනුග්‍රහයෙනි. මෙම කුඩා පර්යේෂණායතනය විවෘත කිරීමේ අවස්ථාවට කොළඹ විශ්වවිද්‍යාලයේ සත්වවිද්‍යාව පිළිබඳ මහාචාර්ය දේවක වීරසිංහ මහතා ද එක් ව සිටියේ ය.
     
    එම මත්ස්‍ය විශේෂය පිළිබඳ ව අධ්‍යයනය කරමින් ඔවුන් සංරක්ෂණය සඳහා වසර 10ක් පුරා මෙම පර්යේෂණ කටයුතු රන්බිඩිගල, හපුගොඩ අල්පිටිය යන ගම්මානවල කුඩා දියකඳුර ඇසුරේ සිදු කළ බව කී මහාචාර්යවරයා වසර 10කට පෙර මෙම මත්ස්‍ය ගහනය ලොවට ම සියයක් වූ නමුත් එම මත්ස්‍ය ගහනය මේ වන විට 1,500 දක්වා වර්ධනය කිරීමට හැකි වී ඇතැයි කීය.
     
    මෙම අවස්ථාවට පළාත් සභා මන්ත්‍රී උදයකාන්ත ගුණතිලක, වරකාපොළ ප්‍රාදේශීය සභාවේ සභාපති කීර්ති සී. විජේතුංග යන මහත්වරු ද සහභාගී වූහ.
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya