මැයි 21, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මාතරට ආරක්ෂිත ගෘහ සඳහා රුපියල් ලක්ෂ 10ක්

    ඔක්තෝබර් 15, 2014
    මාතර දිස්ත‍්‍රික්කයේ කෘෂිකාර්මික ක්ෂේත‍්‍රයේ උන්නතිය සඳහා ගොවි සතියට සමගාමීව ආරම්භ කළ කෘෂි කාර්මික ආරක්‍ෂිත ගෘහ 100ක් ඉදිකිරීමේ වැඩසටහන යටතේ ආරක්‍ෂිත ගෘහ 117ක් ඉදිකිරීමට කටයුතු යොදා ඇත. 
     
    ඒ යටතේ ප‍්‍රතිලාභීන් 14 දෙනෙකුට රුපියල් ලක්‍ෂ 10කට ආසන්න වටිනාකමකින් යුත් චෙක්පත් ප‍්‍රදානය කිරීම කෘෂිකර්ම අමාත්‍ය මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප‍්‍රධානත්වයෙන් ඊයේ (14) මාතර දිස්ත‍්‍රික් ලේකම් කාර්යාලයීය ගාමිණී ජයසේකර ශ‍්‍රවණාගාරයේදී සිදු කෙරිණි.
     
    ආරක්‍ෂිත ගෘහ ඉදිකර ගැනීම සඳහා මෙතෙක් මුදල් ප‍්‍රතිපාදන නොලැබුණු ප‍්‍රතිලාභීන් සඳහා ඉදිරියේදී චෙක්පත් ප‍්‍රදානය කිරීමට නියමිතය.
     
    මේ අවස්ථාවට මාතර දිස්ත‍්‍රික් ලේකම් ඊ.ඒ.සී. විදානගමාච්චි මහත්මිය ප‍්‍රමුඛ සියලු ම ප‍්‍රදේශීය ලේකම්වරුන් ඇතුළු කෘෂිකාර්මික ක්ෂේත‍්‍රයට සම්බන්ධ රාජ්‍ය නිලධාරීන්, ගොවි සංවිධාන නියෝජිතයන් අදාළ ප‍්‍රතිලාභීහු ඇතුළු පිරිසක් සහභාගී වූහ.
     
    DB/TI dmu matara

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya