මැයි 21, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    විද්‍යුත් ජාතික හැඳුනුම්පත පිළිබඳ සාකච්ඡාවක්

    ඔක්තෝබර් 15, 2014
    විද්‍යුත් ජාතික හැඳුනුම්පත ලබාදීම පිළිබඳ ව දැනුවත් කිරීමේ සාකච්ඡාවක් ත්‍රීකුණාමලය දිස්ත්‍රික් ලේකම් මේජර් ජෙනරාල් තිස්ස රංජිත් ද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගිය දින ත්‍රීකුණාමලය දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ දී සිදු විය.
     
    මෙහිදී විද්‍යුත් ජාතික හැඳුනුම්පත් ලබාදීම පිළිබඳ ව නිලධාරීන් දැනුවත් කිරීම සිදු විය.
     
    දෛනිකව පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවෙන් ජාතික හැඳුනුම්පත් 4,000ක් පමණ නිකුත් කරන බවත් තවත් ඉල්ලුම්පත් විශාල ප්‍රමාණයක් විවිධ අඩුපාඩුකම් හේතුවෙන් ප්‍රමාදවීම් සිදු වන බවත් පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ජනරාල් ආර්.එම්.එස්. සරත් කුමාර මහතා පෙන්වා දුන්නේය.
     
    නිවැරදිව සකස් කළ ඉල්ලුම්පතක් ඉදිරිපත් කොට මාසයක් ගත වීමෙන් අනතුරුව ජාතික හැඳුනුම්පත නොලැබුණ හොත් 011-2 555 616 යන දුරකතන අංකයට හෝ 011-2 506 458 ෆැක්ස් අංකය වෙත දැනුම් දෙන ලෙස ද කොමසාරිස් ජනරාල්වරයා ඉල්ලා සිටියේය.
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya