මැයි 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මඩකළපුවේ ප්‍රාදේශීය සභාවලට ජල බවුසර්

    ඔක්තෝබර් 15, 2014
    මඩකළපුව දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය සභා 05කට ජල බවුසර් ලබාදීම මඩකළපුව දිස්ත්‍රික් ලේකම් පී.එස්.එම්. චාල්ස් මහත්මියගේ ප්‍රධානත්වයෙන් සිදු විය.
     
    ඒ අනුව ඔට්ටමාවඩි ප්‍රාදේශීය සභා සභාපති කේ.පී.එස්. හමීඩ් මහතා වෙත ප්‍රදානය කිරීම සිදු විය. 
     
    මෙම ජල බවුසර්වල වටිනාකම රුපියල් මිලියන 02ක් පමණ වන අතර ආපදා කළමනාකරණ අමාත්‍යංශය විසින් ජල බවුසර් ලබාදීම සිදු කෙරිණි.
     
    වෙල්ලාවේලි, පට්ටපලෛයි, වවුනදිව්, චෙන්කලාඩි, ඔට්ටමාවඩි ආදී ප්‍රාදේශීය සභා පහ වෙත මේවා ලබා දී ඇත.
     
    මෙම අවස්ථාව සඳහා ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ මඩකළපුව දිස්ත්‍රික් සහකාර අධ්‍යක්ෂ එස්. ඉන්ද්‍රරාජන් මහතා ඇතුළු පිරිසක් සහභාගී වූහ.
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya