මැයි 21, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    නැගෙනහිර සෙබළුන්ගෙන් ප්‍රජා සේවාවන් රැසක්

    ඔක්තෝබර් 15, 2014
    නැගෙනහිර ආරක්ෂක සේනා මූලස්ථානයේ සෙබළුන් 22 සහ 24 සේනාංක යටතේ වන 221,222 සහ 242 බලසේනා ප්‍රදේශයන්හි මහජනතාවගේ සුබසාධනය වෙනුවෙන් ප්‍රජා වැඩසටහන් රැසක් පසුගියදා සිදු කෙරිණි.
     
    6 වන විජයබාහු පාබල රෙජිමේන්තුවේ සෙබළුන් විසින් කුච්චවේලි, ජයනගර් පෙරපාසල සහ ඒ අවට වටපිටාව පිරිසිදු කිරීමේ ශ්‍රමදාන ව්‍යාපාරයක් මෙහිදී දියත් කරන ලදී.
     
    ඒ අතර 23 වන ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ සෙබළුන් ද පොදු ජනතාව වෙනුවෙන් පානම ප්‍රාදේශීය රෝහලේ සහ වෛද්‍යවරුන්ගේ සහ කාර්ය මණ්ඩලයේ සහය ඇති ව වෛද්‍ය සායනයක් සංවිධානය කර තිබුණි.
     
    27 වන ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බලමුළුවේ සෙබළුන් විසින් ත්‍රිකුණාමලය, ඉලංගතුරෙයි පවුල් 158ක් සඳහා පානීය ජලය බෙදාදීම ද සිදු කරන ලදී.
     
     
    NDH

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya