මැයි 18, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    "සයුරු" කැණීම් යාත‍්‍රාව දික්ඕවිට ධීවර වරායට භාරදීම ඔක්: 18

    ඔක්තෝබර් 15, 2014
    ජපාන රජයේ ප‍්‍රදානයක් මත එනම් ජපාන ජාත්‍යන්තර සහයෝගිතා නියෝජිතායතනය (JICA) මඟින් රුපියල් මිලියන 900ක වටිනාකමකින් යුත් "සයුරු" කැණීමේ යාත‍්‍රාව පරිත්‍යාගයක් ලෙස ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යාංශයේ ලංකා ධීවර වරාය නීතිගත සංස්ථාවට ලබාදීමේ උත්සවය ඔක්තෝබර් 18 දින ප.ව. 3.00ට දික්ඕවිට ධීවර වරායේදී සිදු කිරීමට නියමිතය.
     
    මෙහි ප‍්‍රධාන ආරාධිතයා ලෙස ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය වෛද්‍ය රාජිත සේනාරත්න මහතා සහභාගී වේ. මෙහිදී ශ‍්‍රී ලංකාවේ ජපාන තානාපති නොබුහිතෝ හොබො ( Nobuhito Hobo) මහතා විසින් මෙම සයුරු කැණීම් යාත‍්‍රාව ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යවරයා  භාරදීමට නියමිතය.

    මෙම සයුරු කැණිම් යාත‍්‍රාව, බහුකාර්ය යාත‍්‍රාවක් වන අතර එය මීටර් 49.9ක් දිගකින් යුක්ත වේ. එහි ගැඹුර මීටර් 11.5කි. බර ටොන් 624ක් වන සයුරු කැණිම් යාත‍්‍රාවේ ද්විත්ව එන්ජිමේ ධාරිතාව කිලෝ වොට් 625කි.
     
    මෙම කැණීම් යාත‍්‍රාව මඟින් රටවටා පවතින ධීවර වරායන්හි කැණීම් කටයුතු ඉටුකිරීමට පහසුවක් වන අතර සාගර පර්යේෂණ ක්‍ෂේත‍්‍රයට ද මෙය ඉතා වැදගත් වේ. ජපාන රජය මීට පෙර ද 1988/1989 වකවානුව තුළ "රුහුණු පුතා" කැණීම් යාත‍්‍රාව ද මෙරටට ලබාදී තිබේ.
     
    මෙම අවස්ථාවට නියෝජ්‍ය අමාත්‍ය සරත් කුමාර ගුණරත්න, අමාත්‍යාංශ ලේකම් ආචාර්ය ඩී.එම්.ආර්.බී. දිසානායක, ලංකා ධීවර වරාය නීතිගත සංස්ථාවේ සභාපති උපාලි ලියනගේ, කළමනාකාර අධ්‍යක්‍ෂ නීල් මුණසිංහ, සාමාන්‍යාධිකාරී ඒ.ඒ.ජී. අබේසේකර, ජයිකා ආයතනයේ ප‍්‍රධාන නියෝජිත කියොෂි අමාඩා මහත්වරුන් සහභාගී වනු ඇත.
     
    NDH

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya