මැයි 18, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    දීර්ඝ කාලයක් ස්ථිර ආණ්ඩුවක් තියෙනකොට රටක් සංවර්ධනය කරන්න පුළුවන්

    ඔක්තෝබර් 15, 2014
    දීර්ඝ කාලයක් ස්ථිර ආණ්ඩුවක් තියෙනකොට රටක් සංවර්ධනය කළ හැකි බවත් අවුරුදු පහෙන් පහට ආණ්ඩු වෙනස් කරන්න හොඳ නැති බවත් වයඹ පළාත් ප්‍රධාන අමාත්‍ය නීතිඥ දයාසිරි ජයසේකර මහතා පැවසීය.
     
    රනිල් වික්‍රමසිංහ මහත්තයා ඡන්දයක් ළං වෙනකොට කොටිත් එක්ක ගිවිසුම් ගහගන්නා බවත් ඔවුන් අතමිට සරුකරනවා කියා කිව්වත් අද ජනාධිපතිතුමා ජනතාවගේ අතමිට සරුකරලා ඉවර බවත් වයඹ ප්‍රධාන අමාත්‍යවරයා සඳහන් කළේය. 
     
    අමාත්‍යවරයා එසේ ප්‍රකාශ කළේ ඊයේ (14) ) ගල්ගමුව සහ මොරගොල්ලාගම ප්‍රදේශවල ජනදිරිය වැඩසටහන යටතේ බඩඉරිඟු වගාකරන ගොවීන්ට බඩඉරිඟු බීජ සහ මුදල් ලබාදීමේ වැඩසටහනට සහභාගී වෙමිනි.
     
    එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා කියා සිටියේ, අද ගොවි පවුල් 1,400කට එහා පිරිසකට බීජ සහ ඒ වෙනුවෙන් මුදල් ලබා දෙනවා. ඒ වගේම බඩඉරිඟු වගාව වෙනුවෙන් අක්කර 1,400කට රුපියල් ලක්ෂ 53ක දායකත්වයක් ලබා දෙනවා. අපේ බලාපොරොත්තුව කිලෝ 64,000ක් බඩඉරිඟු අස්වැන්න ලබා ගන්නයි. අද බඩඉරිඟු කිලෝ එක රුපියල් 35ක් පමණ වෙනවා. ඒ වගේ ම බඩඉරිඟු නැතිව කුකුළු ගොවීන්ට ප්‍රශ්නයක් වෙලා තියනවා. අපි සමූපකාරයෙන් ඔබතුමන්ලාගේ බඩු ටික ගන්නවා. මට අවශ්‍ය වයඹ සහල් හදන්න. ඒ වෙනුවෙන් වැඩපිළිවෙළක් සකස් කරනවා. ඒ දේවල් වෙනුවෙන් ඔබතුමන්ලාගේ ශක්තිය මට වැදගත් වෙනවා.

    සංවර්ධන කටයුතු ආරම්භ කිරීමෙන් පසු ජලය නැති පාසල් 216කට ජල පහසුකම් දුන්නා. ගල්ගමුව, නාන්නේරිය, මීගලෑව සහ ගිරිබාව ප්‍රදේශවල '' I roads'' ව්‍යාපෘතිය ආරම්භ කළා. ඒ වගේම වකුගඩු රෝගීන් 2,000ක් කුරුණෑගල ඉන්නවා. ඒ නිසා ගම්මාන 82කට රුපියල් මිලියන 311ක වියදමෙන් දැවැන්ත වතුර ෆිල්ටර් ලබා දෙනවා. ගල්ගමුවට ඒ අතුරින් ෆිල්ටර් 27ක් ලබා දෙනවා. මේ සියල්ල වෙනුවෙන් ජනාධිපතිතුමා මට විශාල ශක්තියක් දෙනවා.
     
    අද ජනාධිපතිතුමා උතුර දකුණ එකට යා කරලා තියනවා. යාල්දේවී දුම්රිය අවුරුදු තිස් ගාණකට පස්සේ උතුරට යනවා. ඒ නිසා නැවත කොටින්ට ඊළම හදන්න දෙන්න එපා. ජනාධිපතිතුමාට සහයෝගය දෙන්න. ජනාධිපතිතුමාට ග්‍රාමීය මට්ටම ගැන විශ්වාසයක් තියනවා. ඒ වගේම ගල්ගමුව ප්‍රදේශයේ අලි වැට සංවර්ධනය කරනවා. ගල්ගමුව  ප්‍රදේශය අපි සෑම අතින් ම ශක්තිමත් කරනවා ඒ සඳහා මට සහයෝගය දෙන්න යැයි ද අමාත්‍යවරයා ඉල්ලා සිටියේය.
     
    මෙම අවස්ථාවට පොල්පිතිගම ප්‍රාදේශීය සභාවේ සභාපති රංජිත් විජේනායක, ගල්ගමුව ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන් වන උපාලි සේනාධීර, සුනිල් බණ්ඩාර, ජනදිරිය ව්‍යාපෘති කළමනාකරු සුදර්ශන ලංකාතිලක, ප්‍රධාන අමාත්‍ය ගල්ගමුව සම්බන්ධීකාරක සුමේධ ධර්මසිරි යන මහත්වරු ඇතුළු විශාල පිරිසක් මේ සඳහා  සහභාගී වූහ. 
     
    NDH

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya