මැයි 18, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    2015දී නැගෙනහිරට විශේෂ කෘෂිකාර්මික කලාප

    ඔක්තෝබර් 15, 2014
    ගොවිපොළ ක්ෂේත්‍රයේ ඒකාබද්ධ සංවර්ධනය ප්‍රචලිත කිරීමේ රජයේ අරමුණ මත ශ්‍රී ලංකාවේ පළමු වතාවට නැගෙනහිර පළාතේ දිස්ත්‍රික්ක තුනෙහි ඉඩම් අක්කර 3,000ක් ආවරණය වන පරිදි විශේෂ කෘෂිකාර්මික කලාප පිහිටුවීමට රජය අපේක්ෂා කරයි.
     
    මෙම වැඩසටහන යටතේ නැගෙනහිර ජනගහනයෙන් 80%ක් වන ගොවිපොළ ප්‍රජාවගේ යටිතල පහසුකම් තවදුරටත් ව්‍යාප්ත කිරීම අපේක්ෂා කෙරේ. 
     
    මෙම කලාප පිහිටුවීමත් සමඟ ග්‍රාමීය මාර්ග, වෙළෙඳපොළවල්, කෘෂි සැකසුම් උපකරණ, ආහාර සැකසුම් කර්මාන්ත ශාලා හා වාරිමාර්ග යෝජනා ක්‍රම හා නව තාක්ෂණය යන යටිතල පහසුකම් සංවර්ධනය කෙරෙනු ඇත.
     
    මේ හරහා ගොවිපොළ හිමිකරුවන් වෘත්තීය තත්ත්වයට පත් කිරීමට, ආරක්ෂිත කෘෂිකර්ම ප්‍රවර්ධනයට හා දුෂ්කර ගම්මානවලට නව අදහස් හඳුන්වාදීමටත් ඒ ඔස්සේ ග්‍රාමීය ආර්ථිකය සංවර්ධනය කිරීමටත් අපේක්ෂා කෙරේ.
     
    කෘෂි නිෂ්පාදනවල ගුණාත්මකභාවය ආරක්ෂා කිරීමට, දේශීය කර්මාන්තවල වාසි මතුකර ගැනීමට, නිෂ්පාදනයේ හා අලෙවියේ ව්‍යුහය සකස් කර ගැනීමට, කෘෂි ව්‍යාපාරවල කාර්යක්ෂමතාව හා ප්‍රතිලාභ ඉහළ නංවාගැනීමට මෙම විශේෂ කෘෂිකාර්මික කලාප සංකල්පය උපකාරී වේ.
     
    රැකියා උත්පාදනයට අමතර ව ගොවියාට හා ව්‍යාපාරිකයන්ට නව අවස්ථා නිර්මාණය කරමින් දේශීය හා විදේශීය ආයෝජකයන් ආකර්ෂණය කරගැනීමට ද විශේෂ කෘෂිකාර්මික කලාප මඟින් අපේක්ෂා කෙරේ.
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya