මැයි 18, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    2013 උසස් පෙළ විභාගයෙන් වාණිජ අංශ පළමුවැනියාට “ජන සෙවණින්” නිවාස ආධාර

    ඔක්තෝබර් 15, 2014
    2013 අධ්‍යාපන පොදු සහතිකපත්‍ර උසස් පෙළ විභාගයෙන් වාණිජ අංශයෙන් කොළඹ දිස්ත්‍රික්කයේ පළමු ස්ථානයත්, දිවයිනෙන් ම දෙවන ස්ථානයත්  හිමිකරගත්  නුගේගොඩ අනුලා විද්‍යාලයේ අධ්‍යාපනය හැදෑරූ ඉෂානි හිරුණිකා කොඩිතුවක්කු ශිෂ්‍යාවට ඇයගේ නිවස ඉදිකරගැනීම සඳහා නිවාස ආධාර ප්‍රදානය කිරීම ඉදිකිරීම්, ඉංජිනේරු සේවා, නිවාස හා පොදු පහසුකම් අමාත්‍ය විමල් වීරවංශ මහතා අතින් පසුගියදා සිදුකෙරිණ. 
     
    සෙත්සිරිපාය, බත්තරමුල්ලේ පිහිටි නිවාස අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේ දී මෙම නිවාස ආධාර ප්‍රදානය කෙරිණ.
     
    “ මහින්ද චින්තන ඉදිරි දැක්ම ” අනුව විමල් වීරවංශ අමාත්‍යවරයාගේ උපදෙස් පරිදි ක්‍රියාත්මක වන   “ජන සෙවණ”  නිවාස හා ජනාවාස සංවර්ධන මෙහෙයුමට සමගාමීව ඉෂානි හිරුණිකා කොඩිතුවක්කු ශිෂ්‍යාවගේ අඩක් නිම කළ නිවසේ ඉදිකිරීම් කටයුතු සම්පූර්ණ කරගැනීම සඳහා රුපියල් ලක්ෂ 3ක නිවාස ආධාර මුදලක් අමාත්‍යවරයා අතින් මෙහිදී ප්‍රදානය කරන ලදී. ජාතික නිවාස සංවර්ධන අධිකාරිය මෙහි මූල්‍ය දායකත්වය ලබා දී තිබේ. 
     
    20 වන වියේ පසුවන හිරුණිකා කොඩිතුවක්කු ශිෂ්‍යාව පදිංචි වී සිටින්නේ මහරගම දඹහේන පාර ප්‍රදේශයේය. ඇය 2013 උසස් පෙළ විභාගයට වාණිජ අංශයෙන් පෙනී සිට ව්‍යාපාර අධ්‍යනය, ගිණුම්කරණය, ආර්ථික විද්‍යාව යන විෂයන් 3 සඳහා ඒ සාමාර්ථ ලබාගෙන  Z – score අගය 2.6965  හිමිකරගෙන ඇත. ඇය ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ගණකාධිකරණ විශේෂ උපාධිය හැදෑරීමට සූදානම්ව සිටී.
     
    මෙම  අවස්ථාවට ඉදිකිරීම්, ඉංජිනේරු සේවා, නිවාස හා පොදු පහසුකම් අමාත්‍යාංශයේ ලේකම් පී.එච්.එල්. විමලසිරි පෙරේරා, ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ සාමාන්‍යාධිකාරී බ්‍රිගේඩියර් මහින්ද මුදලිගේ මහත්වරු ඇතුළු පිරිසක් සහභාගී වූහ.
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya