මැයි 18, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    රඟහල් තුනක් නවීකරණට කටයුතු කරනවා

    ඔක්තෝබර් 14, 2014
    සංස්කෘතික හා කලා කටයුතු අමාත්‍යංශය යටතේ පවත්නා රංගශාලා 03ක් සම්පූර්ණයෙන් ම නවීකරණයට ලක්කෙරෙන බව සංස්කෘතික හා කලා කටයුතු අමාත්‍යංශයේ ලේකම් වසන්ත ඒකනායක මහතා පැවසීය.
     
    ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ අද (14) සංස්කෘතික හා කලා කටයුතු අමාත්‍යංශයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට සහභාගී වෙමිනි.
     
    ඒ අනුව එලිෆින්ස්ටන් රඟහල මෙන් ම ජාතික කලාභවන නවීකරණ කිරීමට මෙන් ම ජෝන් ද සිල්වා සමරු රඟහල ප්‍රතිනිර්මාණය කිරීමේ කටයුතු සිදු කරන බවත් ලේකම්වරයා පෙන්වා දුන්නේය.
     
    නව තාක්ෂණය සමඟ ඉදිවන රඟහල නිසා සුබදායි හැඟීමක් තිබෙන බව රාජ්‍ය නාට්‍ය අනු මණ්ඩලයේ සභාපති, ප්‍රවීණ රංගන ශිල්පි ශ්‍රියන්ත මෙණ්ඩිස් මහතා පැවසීය.
     
    නාට්‍යකරුවා කලබල වගේ ම උනන්දු පුද්ගලයෙක් බවත් තමන්ගේ නාට්‍ය පෙන්වාගැනීමට තැනක් නොමැති බැවින් පදනම් විරහිත ව මෙන් ම පදනම් රහිතවත් රඟහල කඩා ඉවත්කිරීමට චෝදනා එල්ල කළා. 
     
    නව ජොන් ද සිල්වා සමරු රඟහල හරහා අලුත් තාක්ෂණය සමඟින් වසර දෙකක් තුළ නාට්‍යකරුවා වෙත ලැබෙනු ඇතැයි තමන් විශ්වාස කරන බවත් ඒ මහතා වැඩිදුරටත් පැවසීය.
     
    මෙම අවස්ථාවේ දී ජෝන් ද සිල්වා සමරු රඟහල ඉදිකිරීමේ කෝන්ත්‍රාත්තුව ඉදිකිරීම් සමාගම වෙත සංස්කෘතික හා කලා කටයුතු අමාත්‍ය ටී.බී. ඒකානායක මහතා විසින් ප්‍රදානය කරන ලදී. 
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya